ගැඹුරු මුහුද හා අභ්‍යන්තර තරංග පිළිබඳව අල් කුර්ආනයෙන්

ගැඹුරු මුහුද හා අභ්‍යන්තර තරංග පිළිබඳව අල් කුර්ආනයෙන්

දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි සඳහන් කරන ආකාරයට 

නැතහොත් (දේව විශ්වාසය නොකරන්නන්ගේ) ස්වාභාවය ගැඹුරු සමුද්‍රයේ අඳුර බඳුය. රැළක් එය වසයි. ඒමත තව රැළ්ලකි. ඒමත වලාකුළකි. අඳුර මත අඳුරය. යමෙකු ඔහුගේ අත විහිඳුවන්නේ නම් ඔහු එය නොදකින්නේය….. (අල් කුර්ආනය 24:40)   

මෙම වාක්‍යයේ සඳහන් කරන ආකාරයට, ගැඹුරු සාගරයේ හා මුහුදෙහි පවතින අඳුර පිළිබඳව විස්තර කෙරෙන ආකාරයට, එහිදී මිනිසෙකු තම අත් දිගුකළ විට ඔහුට එය නොපෙනේ. ගැඹුරු සාගරවල හා මුහුදෙහි අඳුර පවතින්නේ මීටර් 200ක් හෝ එයට වඩා වැඩි ගැඹුරකදීය. මෙම ගැඹුරේදී එහි කිසිදු ආලෝකයක් නොමැති තරම්ය. (1වන රූපය බලන්න) මීටර් 1000කට වඩා වැඩි ගැඹුරකදී එහි කිසිදු ආලෝකයක් ඇත්තෙන්ම නැත. 1 

1 රූපය:- සාගරයේ මතු පිට පෘෂ්ඨය මඟින් සූර්‍යාලෝකයෙන් 3% ත් 30% ත් අතර ප්‍රමාණයක් පරාවර්ථනය කෙරෙයි. ඉන්පසුව ආලෝක වර්ණාවලියෙහි පවතින වර්ණ හත අතුරින් නිල්පාට හැර අනෙකුත් සියළුම වර්ණ පළමු මීටර 200ක ගැඹුර තුළදී එකකට පසුව අනෙක ලෙස සම්පුර්ණයෙන්ම අවශෝෂණයට ලක්වෙයි.(Oceans, Elder and Pernetta පිටුව 27.)

 සබ්මැරීන හෝ විශේෂිත උපකරණවල සහාය නොමැතිව මිනිසාට මීටර් 40කට වඩා වැඩි ගැඹුරකට කිමිදීමේ හැකියාවක් නොමැත. මීටර් 200ක් තරම් ගැඹුරක් ඇති සාගරයේ අඳුරු පෙදෙසෙහි, උපකරණ කිසිවක උපකාරයෙන් තොරව ජීවතය රැක ගැනීමේ හැකියාවක් මිනිසෙකුට නොමැත.

විද්‍යාඥයින් විසින් මෑතකදී සාගර පත්ලෙහි පවතින මෙම අඳුර පිළිබඳව සොයාගන්නා ලද්දේ, සාගරවල ගැඹුරු ප්‍රදේශ වල ගමන් කිරීමට ඔවුනට උපකාරී වූ විශේෂ උපකරණ සහ සබ්මැරීන වල උපකාරයෙනි.

ඉහත වාක්‍යයෙහි පහත දැක්වෙන “…..ගැඹුරු සමුද්‍රයේ අඳුර බඳුය. රැළක් එය වසයි. ඒමත තව රැළ්ලකි. ඒමත වලාකුළකි. අඳුර මත අඳුරය.” යන වැකිය තුළින් අපට තවදුරටත් තේරුම් ගත හැකි වන්නේ මුහුදු හා සාගරවල ඇති ගැඹුරු ජල කඳන්, තරංග වලින් ආවරණය වී ඇති බවත් මෙම තරංග වලට ඉහළින් තවත් තරංග පවතින බවත්ය. ඉහත පවතින දෙවන වර්ගයේ තරංග යනු අපට දක්නට ලැබෙන මතුපිට තරංග (රළ)යි. ඉහත වාක්‍යයේ පවසන ආකාරයට දෙවන වර්ගයේ තරංග වලට ඉහළින් දක්නට ලැබෙන්නේ වළාකුළුය. එසේනම් එහි සඳහන් පළමු තරංග වර්ගය කුමක්ද? ඒවානම් ර්‍විවිධාකාරයේ ඝනත්වයන්ගෙන් යුත් ස්ථර තුළ ඝනත්ව අන්තර් මුහුණත්වල ඇතිවනම1 අභ්‍යන්තර තරංගයි. මේවා පවතින බව මෑතකදී විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත (2වන රූපය බලන්න). 

 

2රූපය:- එකිනෙකට වෙනස් ඝනත්වයකින් යුතු ජල ස්ථර දෙකක් අතර පවතින අන්තර් මුහුණතෙහි දක්නට ලැබෙන අභ්‍යන්තර තරංග. ඉහත රූපයෙහි එක් ස්ථරයක් (පහත ස්ථරය) ඝනත්වයෙන් වැඩිය. අනෙක් ස්ථරය (ඉහළ ස්ථරය) ඝනත්වයෙන් අඩුය.(Oceanography, Gross,පිටුවග 204.)

ගැඹුරු ජලයෙහි ඝනත්වය, එයට ඉහළින් ඇති ජලයෙහි ඝනත්වයට වඩා වැඩි බැවින් මුහුදු හා සාගරවල ඇති ගැඹුරු ජලය, අභ්‍යන්තර තරංග වලින් ආවරණය වී පවතියි. අභ්‍යන්තර තරංගද මතුපිට තරංග ලෙසම ක්‍රියා කරයි. මතුපිට තරංග (රළ) බිඳෙන ආකාරයටම අභ්‍යන්තර තරංග වලටද බිඳීමේ හැකියාව ඇත. පියවි මිනිස් ඇසකින් තරංග දැකගැනීමේ හැකියාවක් නොමැත. ඒවා හඳුනාගත හැක්කේ දෙන ලද කිසියම් ස්ථානයක පවතින උෂ්ණත්ව වල හෝ ලවණතාවයන්ගේ වෙනස්කම් අධ්‍යයනය කිරීම මඟිනි.1

Footnotes:

(1) Oceans, Elder and Pernetta, p. 27.

(2) Oceanography, Gross, p. 205. 

(3) Oceanography, Gross, p. 205. 

source:-A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com/)ඇසුරිනි

සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන්

සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන්

එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන් කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා  ඝනත්වයන් ඇත.2 උදාහරණයක් ලෙස මධ්‍යධරණී  මුහුද ගත් විට එහි ජලය  අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා උණුසුම් වූද, ලවණතාව අධික වූද, අඩු  ඝනත්වයක් ද ඇති ජලය වේ. මධ්‍යධරධණි මුහුදේ ජලය ගිබ්‍රුල්ටා විවරය මඟින් කිලෝමීටර් සිය ගණනක් දුරටත්, මීටර් දහසක් පමණ ගැඹුරටත් අත්ලාන්තික් සාගරය තුළට ඇතුළු වන්නේ එයටම ආවේනික  උෂ්ණත්වය, ලවණතාවය, හා අඩු ඝනත්වය යන ලක්ෂණ  සමගය .

මෙම ගැඹුරේදී මධ්‍යධරණි  ජලය සමතුලිතතාවයට පත්වේ. 1 ( 1 රූපය බලන්න.)

1රූපය:- මුහුදු එකිනෙකට වෙන් කරන බාධකය හේතුකොට ගෙන මධ්‍යධරණි මුහුදේ ජලය ගිබ්‍රුල්ටා විවරය හරහා අත්ලාන්තික් සාගරයට ගමන්කරන විට එයටම ආවේණික උණුසුම, ලවණතාවය, හා අඩු ඝනත්වයකින් පවතී. උෂ්ණත්වය සෙල්සියස් අංශක(C0) වලිනි.(Marine Geology,Kuenen,පිටුව 43, with a slight enhancement.)

මෙම සාගරවල අති විශාල තරංග (රළ) සැඩ සුළි හා වඩ හා බාදිය යනාදිය තිබුනත් ඒවා එකිනෙක මිශ්‍ර වන්නෙවත්, මෙම බාධකය කැඩී යන්නෙවත් නැත. මුහුදු දෙකක් හමුවන තැන බාධකයක් තිබෙන බවත්, එය විනාශ වී නොයන බවත් අල් කුර්ආනයේ සඳහන්ව ඇත. දෙවියන්වහන්සේ මෙසේ පවසයි.

ඔහු මුහුදු දෙකක් එකිනෙකට සංකලනය වීමට සැලැස්සුවේය. එහෙත් ඒවා අතර බාධකයක් ඇත. එය ඒවා අබිභවා නොයයි. (අල් කුර්ආනය 55:19-20)

එහෙත් කුර්ආනය මිරිදිය හා කරදිය අතර ඇති බෙදීම ගැන කතා කරන විට එහි “අනවතරණිය බෙදුම” ලෙස බාධකය හඳුන්වා ඇත..

අල් කුර්ආනයේ දෙවියන්වහන්සේ මෙසේ පවසයි.

ඔහුමය වර්ග දෙකක ජලය ඇති කළේ. එකක් මිරිදියය, බීමට හැකිය. අනික කරදියය, ලුණු රසැති හා තිත්තය. ඔහු ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කළේය. එය අතවරණිය  (තරණය කළ නොහැකි) බාධකයකි. (අල් කුර්ආනය 25:53)

අල් කුර්ආනයෙහි මිරිදිය හා කරදිය වෙන් කිරීම ගැන කතා කරන විට, බෙදුම් කලාපයක් ගැන කතා කළත් මුහුදු දෙකක් අතර ඇති බෙදුම ගැන කතා කරන විට එසේ කතා නොකළේ ඇයි ? යනුවෙන් කෙනෙකුට ඇසිය හැක. නවීන විද්‍යාව මඟින් සොයා ගත් ආකාරයට කලපුවල, එනම් කරදිය හා මිරිදිය මිශ්‍ර වන තැන ඇති තත්වය, මුහුදු දෙකක් මිශ්‍ර වන තැන ඇති තත්වයට වඩා ස්වල්පයක් වෙනස්ය. කළපුවලදී කරදිය හා මිරිදිය අතර වෙනස්කම “ස්ථර දෙකක් අතර ඝනත්ව වෙනස පැහැදිලිව පෙනෙන කලාපයක්ම”(pycnocline zone)ලෙස සොයාගෙන ඇත.මෙම බෙදුම් කලාපයේ ඇති ජලයේ, කරදිය හා මිරිදියට වඩා වෙනස් ලවණතාවයක් දක්නට ලැබේ.2 ( 2 රූපය )

14 රූපය:-කළපුවක ලවණතාවය (දාහකට කොටස් 0/00 ක් ලෙස) පෙන්වන දික්කඩක්. කරදිය හා මිරිදිය අතර දක්නට ලැබෙන බෙදුම් කලාපය අපට මෙහිදී දැකගත හැකිය.(Introductory Oceanog-raphy, Thurman, පිටුව . 301, with a slight enhancement.)

මෙම තොරතුරු ඉතා මෑතකදී සොයාගත් අතර ඒ සඳහා ඉතා නවීන උපකරණ යොදගෙන උෂ්ණත්වය, ලවණතාවය, හා ඝනත්වය, ඔක්සිජන් දියවන ප්‍රමාණය වැනි බොහෝ දේ මැන ගැනීමට සිදුවිය. එකිනෙක හමුවන මුහුදු දෙකක් අතර ඇති වෙනස පියවි ඇසකින් දැකිය නොහැකි අතරම අපට මුහුදු දෙකම එකම මුහුදක් ලෙස පමණක් දැකිය හැක. එලෙසම කළපුවකදී ජලය කොටස් තුනකට බෙදීමද පියවි ඇසකින් දැකිය නොහැක. මේ කොටස් තුන නම් මිරිදිය, කරදිය, හා බෙදුම් කලාපයයි.

Footnotes:

(1) Principles of Oceanography, Davis, pp. 92-93. Back from footnote (1)

(2) Principles of Oceanography, Davis, p. 93. Back from footnote (2)

(3) Oceanography, Gross, p. 242.  Also see Introductory Oceanography, Thurman, pp. 300-301. Back from footnote (3)

(4) Oceanography, Gross, p. 244, and Introductory Oceanography, Thurman, pp. 300-301. Back from footnote (4)
 

ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද ගනී

ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද  ගනී

මෙම තරුණ ක්‍රීඩකයා අවුරුදු කීපයකට පෙර මද්‍යසාර භාවිතය නිසා  තමාගේ දේශීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබිය .නමුත් දැන් ඔහු මද්‍යසාර දිහා බලන්නෙවත් නැත .

මෙයට  හේතුව ඉස්ලාම්

මෙම ක්‍රීඩකයා වෙන කිසිවකුත් නොව දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රීඩක පාර්නෙල් (Wayne Parnell) ය.

වයස 22 ක් වන පාර්නෙල් ඉස්ලාමය වැලද ගත්  බව 28 .07 .2011 ප්‍රසිද්ද කළේය .පහුගිය ජනවාරි මාසයේ සිට ඉස්ලාමය වැලද ගත් බවත් එය රහසිගතව අදවන තුරු තැබූ බවත්ය .

ඉස්ලාමය ගැන අධ්‍යනය කර මෙම තීරණය ගත් බවත් තමාගේ නම “වලිද් “ලෙස වෙනස් කිරීමට කැමැත්තක් දක්වන බවත් පැවසිය .වලිද් යනු “අලුතින් ඉපදුනු” ලෙස අර්ථ දැක්වේ .

පර්නෙල්  ගේ ක්‍රියාව සකල ලෝක වැසි මුස්ලිම්ලට උද්යෝගයක් මෙන්ම තම සහෝදර ක්‍රීඩකයන් වන හෂීම් අම්ලා හෝ ඉම්රාන් තාහිර් යනාදින්ගෙන් කිසිදු බලපෙමක් සිදු නොවූ බව කළමනාකරු පැවසිය .

මෙය අනුමත කල අනෙකුත් සහෝදර ක්‍රීඩකයන් පාර්නෙල් ගේ වෙනස් වීමට අම්ලා ගේ බල පෑමක් නොවුවත් අම්ලාගේ ආගමික හැදියාවට ආකර්ෂණය වී ඇති බව පැවසිය

.

ගමන බිමන් වලදීත් පවා ආගමික මෙහෙයක්  වන සලාතයන් අත   පසු නොකිරීම ,මද්‍යසාර භාවිතයෙන් සිදුවෙන උත්සව වලට සහභාගී නොවීම ,තම කණ්ඩායමේ අනුග්‍රාහකයන්ගෙන් කෙනෙක් වන Castle Lager (බියර් සමාගමක් ) ලබාදී ඇති ඔවුන්ගේ ලාංචනය සහිත ටී ෂර්ට් එක ප්‍රතික්ෂේප කිරීම වැනි දේ මගින්  ආකර්ෂණයට පත්  වී ඇති බව අනෙකුත් ක්‍රීඩකයින් පවසයි .

තමාගේ පළමු රාමසානය  ඉටු  කරන මෙම අවස්ථාවේ ඔහුගේ ක්‍රියාව අල්ලාහ් තහලා පහසු කෙරෙත් වා ආමින්

 

“…..අල්ලාහ් තමන් කැමති අයවම තම මාර්ගයෙහි තෝරා ගන්නේහය ,ඔහු දෙස බැල්ම හෙලන අයටම  තමන් වෙත පැමිණෙන මාර්ගය ඔහු දන්වන්නේය (අල් කුර්ආන් 42 :13 )”

අල්ලාහ් සියල්ල දනී

 References:

1.Parnell announces conversion to Islam – 28th July 2011. Espncricinfo. link

2. Proteas paceman Wayne Parnell converts to Islam – 28th July 2011. Times of India. link

අන්තර්ජාතික නාස්තික වාදීන් සමග මුස්ලිම් අයගේ විවාදය

පහුගිය දවසක වැදගත් දෙයක් සිදුවිය .එනම් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද සංවිදානයක්  වන IERA සිත්ගන්න සුළු නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ද කළේය, එනම් ඔවුන් නාස්තික වාදීන්ගේ සම්මන්ත්‍රණයට  සහභාගී වෙන බවත් එම ශාලාවට ඉදිරියෙන් කුඩා කුටියක්‌( (stall) සාදා එහි සිට ඔවුන් ප්‍රසිද්ද නාස්තික වාදීන් සමග කරන ලද විවාදයන් අඩංගු වීඩියෝ පට බෙදා හරින බවත් ,දේව විශ්වාසය කිරී‍මේ හේතුව සදහන් විශේෂයෙන් සකස් කර ඇති පත්‍රිකා(සබැදිය )   බෙදා හරින බවත් ය .තව දුරටත්  ඔවුන් ඩෝකින්ස් ,මයෙර්ස් සමග සාකච්ච කිරීමට උත්සහ කරන බවත් ඔවුන් පැවසිය. 

 මෙම නිවේදනය ඩෝකින්ස් ප්‍රමුක නස්තිකයන්ගේ වෙබ් අඩවි වල උණුසුම් ස්වරුපයක්  ඇතිවිය. 

මෙම ප්රව්තිය  ගැන ඔබල පුදුමයට පත්  විය හැක .නමුත් IERA  ට මෙය ඔවුන්ගේ මෙම මාසයේ සදහා සැලසුමෙ කොටසක් විය .විවාදයන් සදහා වෙනම ශාකාවක් ඔවුන් ට තියෙන අතර එමගින් ලෝක ප්‍රසිද්ද නාස්තික වාදීන්  සමග විවාද පවත්වා ප්‍රසිද්දියක් උසුලයි.ප්‍රදාන වශයෙන් පහුගිය අවුරුද්දේ ඇමරිකානු නාස්තික වාදීන්ගේ සංගමයේ සභාපතිවූ  Dr.Ed.Buckner සමග පැවැත් වූ විවාදය ප්‍රදාන තැනක ගනී .(සබැදිය )

 නාස්තික වාදීන් සමග විවාදයන් මොවුන්ට උද්වේගයක් ඇතිවෙන බවත් එයම මෙම නිවේදනය තුලින්  පිලිබිබු වෙන බවත්ය.

මෙම සම්මන්ත්‍රණයට හම්සා  සහ රෂිඩ්  යන අය තෝරා සහභාගිකරවිය  .

 ඔවුන් තමාගේ විශ්වාශයන්  පිලිබිබු වන පත්‍රිකා  ,වීඩියෝ පට බෙදා හැරියේය .සම්මන්ත්‍රණයට සහබාගි වූ අය සමග නාස්තික වාදය  සහා ඉස්ලාමය ගැන සකච්චාද පැවැත්විය .

ඔවුන් කුමක් සදහා එහි ගියෙහිද  එම අවස්ථාව දෙවියන් වහන්සේ විසින් ඇති කළේය .

එනම් ප්‍රසිද්ද නාස්තික වාදීන් වන මයෙර්ස් ,ඩෝකින්ස් සමග සාකච්ච කිරීමේ අවස්ථාවයි .මෙහිදී ඩෝකින්ස් සමග ස්වල්ප වෙලාවක් සාකච්චා කලත්  මයෙර්ස් සමග විනාඩි 25 පමණ කාලයක් සාකච්ච කිරීමට අවස්ථාව ඇතිවිය

 එම සාකච්චාවේ සාරාංශයෙන් බිදක්

සාමාන්යෙන් පොදු දෙයක් ගැන පවසා එහි තමාගේ අදහස දක්වා අල් කුර්ආනයෙ සදහන් දේවල් මිනිසුන්ගේ දැනුමට වැඩ උසස් බවත් සදහන් කලෙය  .

 නමුත් මෙය මයෙර්ස් පිලි නොගත්තේය .

තව දුරටත් හම්සා කදු පිළිබද අල් කුර්ආනයේ  සදහන් දේ පිළිබද විද්‍යාඥයින්ගේ අදහස් සමග ඉදිරි පත් කලෙය.

නමුත් මයෙර්ස් ඒ ගැන කිසිවක් සදහන් නොකර embroyology ගැන කතා කිරීමට පටන් ගත්තේය

මෙම අවස්ථාවේ රෂිඩ් ත්  සාකච්චාවට එකතු වුන අතර මුස්ලිම් අය විසින් අල් කුර්ආනයෙ ඇති කළල විකසනය(සබැදිය ) සම්බන්දව මහාචාර්ය කිත් මුර් ගේ අදහස් සමග ඉදිරි පත්  කල අතර .එය ප්‍රතික්ෂේප කල මයෙර්ස් එම කිත් ගේ අදහස කිසියම් වැකියක් මගින් මයෙර්ස් විවේචනය කල අතර එය වීඩියෝ ඒකෙන බීප්  හඩක්  වශයෙන් එඩිට් කර ඇත .

අල් කුර්ආනයෙ ඇති කළල විකසනය ගැන සාමාන්‍යයෙන්  අනුමාන කල හැකි බවත් ,ඒවා මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා අරිස්ටෝට්ලේ ගේ න් කොපි කල බවත් යනුවෙන් චෝදනා කළේය .

එවිට හම්සා  “කළල විකසනය ගැන වැරදි දේ පවා ඇරිස්ටෝටල් පැවසූ බවත්  කොපි කලේ නම් සියල්ලම කොපි කල යුතුව තිබුන බවත්  නමුත්  මුහම්මද් තුමා නිවැරදි දේ පමණක් තෝරා ඉදිරිපත් කලේ කෙසේද” යයි ඇසු වේය

මයර්ස් පිලි නොගත්තේය .කළල විකසනය ගැන කුරානයේ ඇති දේ අනුමාන වශයෙන් කල දෙයක් යන මතය මතම එල්බ ගැන සිතියේය .මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා ඒ කාලයේ සිටි බුද්දිමත් අය සමග සාකච්ච කර සදහන් කර ඇතිබව පැවසීමත් සමග හම්ස විසින් එය සනාථ කිරීමට සාක්ෂි  තියෙනවද යයි ඇසිය.

මයෙර්ස් ටික වෙලාවකින් පසුව “මෙය අනුමාන කල හැකි  සාදාරන හේතුවක්” බව ප්‍රකාශ කර කතාව වෙන දිශාවකට හැරවිය

තව සිත්ගන්න සුළු දෙයක් සිදු විය

“මෙවෙනි අදහස් තමයි දේව විශ්වාශිකයින්  දිගින් දිගටම පවසන්නේ” යයි මයෙර්ස් පැවසිය.

ඒ විට හම්සා “Professor myers නාස්තික වාදීන් පවා මෙවෙනි දේ දිගින් දිගටම පවසනවා යයි මම කිව්වොත් ඔබට කොහොම තියේද .මෙහෙම තමයි නාස්තික වාදීන් දිගින් දිගටම පවසන්නේ යයි මමත් කියන්නද ? “යනුවෙන් පැවසිය .ස්වල්ප වේලකින් මද සිනහවකින් මයෙර්ස් go ahead යයි පැවසිය .

සුළු මොහොතකින් අරෝන්රා(Aronra) නම් නාස්තික වාදියෙක්  මයෙර්ස් සමග එක් විය

ඔහු පැවසුවා “ඔබලාගේ කුරානය පරිණාම වාදය පිළිගන්නේ නැහැනේ ?”

එවිට රෂිඩ් “පරිණාමවාදය ගැන කුරානය කතා නොකරයි “

තවදුරතට් අරෝන්ය “ඔබගේ කුරානය මහා ජාල ගැලුමක් ගැන කතා කරයි ”(කිතුනුවන් පවසන නොහා ගේ ජාල ගැල්ම අ විදියට කුරානයේ පවසා ඇති බව ඔහු සිතන්නට ඇති .නමුත් බයිබලයේ සදහන් ආකාරයට කුරානයේ ඒ ගැන  සදහන් නොවේ )

එකට රෂිඩ් “මෙයත් කුරානයේ නැහැ “ යැයි පැවසිය

නැවතත් මුස්ලිම් අය විසින් කදු පිළිබද ඉදිරි පත කල අතර(සබැදිය ).පැරණි පොතක් මෙවැනි නිවැරදි තොරතුරු කෙසේ ඉදිරිපත් කලේ යයි ඇසිය .එවිට අරෝන්ර “මෙවැනි දේ කුරානයේ ස්වල්පයක් පමනක් ඇති බවත් තව බොහෝ තොරතුරු කදු ගැන ඇති බවත්” යයි පැවසිය . කුරානයේ සදහන් කදු පිළිබද දේ ඔවුන් ප්‍රතික්ෂේප නොකළේය

පසුව කතා කලේ සංවේදනාත්මක වාදයන්ය

දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමට මොවුන් පවා විද්‍යාත්මක සාදකයන් ඉදිරිපත් නොකර සංවේදනිය සාදක පමණක් ඉදිරි පත්  කරයි….. ම්ම්ම්

සංවේදී සාදක මගින් දෙවියන් ප්‍රතික්ෂේප කිරීමේදී පහත සදහන් කුරාන් වැකිය මතකයට එයි

 

(නබියේ )ඔබගේ හිමි මලයිකාවරුන්ට “ඇත්තෙන්ම අප භුමියෙහි (අපගේ )නියෝජිතයෙකු (වශයෙන් ආදම් )පත කරන්නේමු”යි  පැවසූ අවස්ථාවේදී (එයට) ඔවුන් “(භුමියෙහි )නපුරුකම් කර ලේ වගුරුවන්නන්ගෙන් යුත් (සංහතියක් බිහි කරන )ඔහුවද එහි (ඔබගේ නියෝජිතයා වශයෙන් පත කරන්නේ ?අපිද ඔබට ගෞරව කරමින් ඔබගේ ප්‍රසංසාවෙන් ඔබවම සුවිශුද්ද කරමු “යි (මලයිකවරුන් )කීවෝය .(එයට ඔවුන්ගේ හිමි )”ඇත්තෙන්ම ඔබ නොදන්නා සියල්ල මා හොදීන් දන්නේමි”යි කිවේය  (අල් කුර්ආන් 2 :30 )

අවසාන  වශයෙන් මයෙර්ස් ගෙන් “ඔබගේ ගමන වියදම් ඇතුළු සියලු වියදම් අපි විසින් බාරගෙන මෙවැනි සම්පුර්ණ සාකච්චාවක් සදහා ඔබව ඇරයුම් කලොත් ඔබ සහබාගි වෙනවද “ යයි ඇසිය .එවිට මයෙර්ස් “බලමු ” යයි පැවසිය

එම අවස්ථාවේදී තමාගේ magic sandwich show එකට මුස්ලිම් අයව ඇරයුම් කරන බව අරෝන්රා පැවසිය

එවිට එහිදී “අපට සැන්ඩ්විච් ලැබෙයිද ,ඒවා හලාල් ඒවා නේද” යයි හම්ස පැවසු විට සියල්ලම සිනහවකින් සමුගත්තේය .

පසුව ඩෝකින්ස් සමග හම්සා සාකච්ච කළේය

එම සාකච්චාව සහා ඉහත ඉදිරිපත් කල සාකච්චාව බැලීමට පහත වීඩියෝ එක නරබන්න 

මෙම  වීඩියෝ එක ගැන ඩෝකින්ස් සහා මයෙර්ස් ඔවුන්ගේ වෙබ් අඩවිය තුල අර්ථ කථනය කරා .එමගින් ඔවුන්ගේ ඉස්ලාම් ගැන  නොදැනුවත් කම හොදින් පෙනේ

මෙම නොදැනුවත් කම හෙළි කිරීම සදහා අයි මගින් විධියෝවක් පහුගිය දින කීපයකට පෙර ඉදිරිපත් කළා එය පහත දැක්වේ

 

මෙම සම්මන්ත්‍රණයේ සහබාගි වී අපහසු තාවයට පත් වූවත්  (තමා  කවුදැයි ඩෝකින්ස් පෙන්වීමට නුසුදුසු වචන වලින් පවා හම්ස සමග කතා කර ඇත )ඒ සියල්ලම  දෙවියන්ගේ ආශීර්වාදය පමණක් බලාපොරොත්තුවෙන් ඉවසා දරා සිටි මොවුන්ට මෙලොවේ සහා පරලොවේ අල්ලාහ් ගේ පිහිට ලැබේවා ! ආමීන්

අවසාන වශයෙන්

මෙම සම්මන්ත්‍රණය ගැන රෂිඩ් ,

“මෙම සම්මන්ත්‍රණය අවසානයේ මගේ දේව විශ්වාශය තවත් වැඩිවිය “

දෙවියනේ අපිව යහමග යවත්වා …..!ආමීන්

Allah knows best

My sincere thanks to:

1. Ashik ahamad

IERA’s Official Website:

1. http://www.iera.org.uk. link

Brother Hamza’s official website and blog:
1. http://www.hamzatzortzis.com. link
2. hamzatzortzis.blogspot.com. link

Br.Hamza’s debate with Ed Bucker:
1. Islam or Atheism? You decide – youtube. link

References:
1. IERA DAWAH TEAM RESPONDS TO INTERNATIONAL ATHEISM – IERA website. link
2. IERA engages with PZ Myers, AronRa & Richard Dawkins at the World Atheist Convention – Youtube. link

3. Adnan Rashid Responds to Richard Dawkins, AronRa & PZ Myers – Youtube. link 

4. Islamic bore talks over PZ Myers – Richard Dawkins Website. link

5. The full Muslim monty – PZ Myers blog. link 

මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන්

මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන්

මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්   තුමාට ශුද්ධ වූ ක:බා දේවස්ථානයෙහි දෙවියන් නැමදීම තහනම් කරන ලද, දේව විශ්වාසයෙන් තොරවූ එක්තරා දුෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහත ආකාරයට සඳහන් කොට ඇත.

නැත! ඔහු නොවළකියි නම් අපි ඔහුව නාසියහ් (හිසේ ඉදිරිපස කොටසෙ) වෙන් ඇදගෙන යන්නෙමු.මුසාබස් කියන,පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස)(අල් කුර්ආනය 96:15-16)

අල් කුර්ආනයෙහි, හිසේ ඉදිරිපස කොටස මුසාබස් කියන, පාපකාරී දෙයක් ලෙස හඳුන්වා දී ඇත්තේ ඇයි ? කුර්ආනය මඟින් එම පුද්ගලයා බොරු කියන්නෙකු හෝ පව් කාරයෙකු බව නොපවසන්නේ ඇයි ? මුසාබස් පැවසීම හා පාපකාරී බව හිසෙහි ඉදිරිපස කොටස සමඟ දක්වන සම්බන්ධතාවය කුමක්ද?

    මිනිස් හිස් කබළ තුළ පවතින හිසේ ඉදිරිපස කොටස දෙසට අපගේ අවධානය යොමු කළහොත් අපහට පූරෝලලාට පෙදෙස(Prefrontal Area) දැකගත හැක. (1 රූප සටහන බලන්න) මෙම පෙදෙසෙහි කාර්්‍යය පිළිබඳව කායික විද්‍යාවෙහි  පවසන්නේ කුමක්ද ?Essential of Anatomy & Physiology  නම් ග‍්‍රන්ථයෙහි මෙම පූරෝලලාට පෙදෙස පිළිබඳව පවසා ඇත්තේ මෙසේය. ”චලනයක් ඇති වීම තීරණය කිරීම සහ ආරම්භ කිරීම සඳහා පෙළඹවීම් ඇති කරනුයේත් දුරදර්ශීභාවය ඇති කරනුයේත් ලලාට ඛණ්ඩිකාවෙහි පූර්ව කොටස වන පූරෝලලාට පෙදෙසෙහිය. මෙය සංගාමී බාහිකයෙහි කොටසකි.2 එසේම මෙම ග‍්‍රන්ථයේ පවසන ආකාරයට ” පෙළඹවීම් ඇති කිරීම කෙරෙහි එම කොටසෙහි ඇති සම්බන්ධතාවය සළකා බැලූ විට පූරෝලලාට පෙදෙස ආක‍්‍රමණකාරී හැසිරීම් සඳහා වූ මූලික ක‍්‍රියාකාරී මධ්‍යස්ථානය ලෙසද සිතිය හැක. …..3

එබැවින් මස්තිෂ්කයේ මෙම පෙදෙස යමක් තීරණය කිරීම, ඒ සඳහා පෙළඹවිම් ඇති කිරීම, යහපත් මෙන්ම අයහපත් හැසිරීම් ආරම්භ කිරීම යනාදිය දේ සිදුකිරීමට මූලික වන පෙදෙස වන අතරම, මෙම පෙදෙස සත්‍ය සේම, අසත්‍ය කතා කිරීම යනාදියටද හේතු කාරක වෙයි. එබැවින් යමෙකු මුසා බස් පවසන අවස්ථාවේදී හෝ පාපකාරී ක‍්‍රියාවක යෙදෙන අවස්ථාවේදී කුර්ආනයෙහි මුසා බස් කියන, පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස) පවසා ඇති ආකාරයටම හිසෙහි ඉදිරිපස කොටස මුසා බස් කියන, පාපකාරී පෙදෙසක් ලෙස නම් කිරීම ඉතාමත් සුදුසු වෙයි.

12 රූපය : මස්තිෂ්ක බාහිකයෙහි වම් මස්තිෂ්ක අර්ධගෝලයෙහි ක‍්‍රියාකාරී පෙදෙසයි මේ. මස්තිෂ්ක බාහිකයෙහි පූර්ව කොටසෙහි පුරෝලලාට පෙදෙස පිහිටා ඇත.(Essentials of Anatomy & Physiology, Seeley and others, පිටුව. 210.)

 මහාචාර්ය කීත් එල් මුවර් (Prof. Keith L Moore)පවසන ආකාරයට විද්‍යාඥයින් විසින් මෙම පූරෝලලාට පෙදෙසෙහි කාර්්‍යය පිළිබඳව සොයාගන්නා ලද්දේ මීට අවුරුදු 60 කට ඉහතදීය.1

 Footnotes:

(1) Essentials of Anatomy & Physiology, Seeley and others, p. 211.  Also see The Human Nervous System, Noback and others, pp. 410-411. 

(2) Essentials of Anatomy & Physiology, Seeley and others, p. 211. 

(3) Al-Ejaz al-Elmy fee al-Naseyah (The Scientific Miracles in the Front of the Head), Moore and others, p. 41. 

source:-A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com/)ඇසුරිනි