සත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි ?නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරීම යනු සත්වයින්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමක් වන්නේය යන මතය දරන්නෝ වෙති.

ලෝකයේ මවනු ලැබ ඇති සියලූම ජීවීන්ට කරුණාව දැකිවිය යුතු යැයි ඉස්ලාම් ධර්මය නියෝග කරයි. එමෙන්ම අල්ලාහ් මෙම පොළොව මවා එහි මිනිසාගේ ප්‍රයෝජනය උදෙසා වූ සිවිපාවුන් ද වෘක්ෂලතාවන් ද මවා තිබෙන බව පෙන්වා දෙයි. අල්ලාහ් විසින් මවන ලද දෑ සියල්ල අප වෙත භාර දෙන ලද වස්තූන් ලෙස හා දායාදයන් ලෙස උපයෝගි කරගැනීමේ කාර්‍යය මිනිසා සතුව ඇත්තේය.

නිර්මාංශ ආහාර පමණක් ගත යුතු යැයි තර්ක කිරීම ප්‍රායෝගික නොවන්නේය. ඊට හේතුව මිනිසාට සත්ව ඝාතනයෙන් තොරව මෙලොව ජීවත් වීමට නොහැක. තමා එදිනෙදා ජීවිතය ගත කරන විට බොහෝ ප්‍රශ්න වලට මුහුණපාන්නේය. තමාගේ පවුල් ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න, ආර්ථීක ප්‍රශ්න යනාදී වශයෙන් අනන්තඅප්‍රමාන ප්‍රශ්න වලට මිනිසා මුහුණ දෙන්නේය. මෙහිදී සෞඛ්‍ය ප්‍රශ්නය ද වැදගත් ස්ථානයක් උසුලයි.

බෝවන රෝග හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ජීවිතක්ෂයට පත්වන්නේය. මෙය මර්ධනය සදහා බොහෝ රටවල්වල රජයන් නොයෙකුත් ක්‍රියාමාර්ගයන් යොදන්නේය. බෝවන රෝගයන් මර්ධනය කිරීමේ දී සැලකිලමත් වන්නේ මදුරුවන් සම්බන්ධයෙන්ය. කෝටි ප්‍රකෝටි ගණන් මදුරුවන් විනාශ කිරීමට සිදුවී ඇත. මෙය නොවැලැක් විය හේතුවකි. මෙය නොකිරීමෙන් මිනසාට ජීවත් වීමට අපහසුය. මෙය ආහාර පිණිස නොව මිනිසා ජීවත් වීම සදහා කරන සත්ව ඝාතනයයි. ප්‍රශ්න අසන ඔබට, මම ”අනේ පව්නේ මේ මදුරුවා, ඇයි මදුරුවාට ජිවත් වෙන්න නොදෙන්නේ” යන්නෙන් කිවහොත් ඔබ ඇතැම් විට මට සිනාසෙන්නට පුළුවන. එහෙත් යථාර්ථය නම් මදුරුවන් ද සත්ව ඝාතනයට අදාල වන බවයි.

තවද කාලයක් තිස්සේ කුරුළු උණ රෝගයක් ව්‍යාප්ත විය. ලක්ෂ සංඛ්‍යාත කිකිළියන් විනාශ කළේය. මිනිසාගේ ජීවිතය බේරා ගැනීම උදෙසා මිනිසුන් එයට විරුද්ධ වුයේ නැත.

සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරන බොහෝ දෙනෙකු ශරීරයෙන් විශාල සතුන්ගේ අයිතිවාසිකම සම්බන්ධයෙන් පමණක් කතා කරන බව අප දකින්නෙමු. ”ඝාතනය” සම්බන්ධයෙන් කථා කරන විට ලොකු කුඩා යන්නෙන් බෙදා වෙන්කිරීමට නොහැක. එළුවන්, ගවයන්, අලියන්ට පමණක් මුල්තැන දී අනෙකුත් සතුන් අමතක කරන්නේ නම් එයයි අප සතුන්ට නොදෙන අයිතිවාසිකම. කණගාටුවෙන් වූවත් කිවයුතු කරුණක් තිබේ. එනම් සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරන විට ප්‍රථමයෙන්ම අගිල්ල දික් කරන්නේ මුස්ලීම්වරුන්ටය. එහෙත් අප සිත නොපිලිගන්නවා, එදානෙදා ජීවිතයේ සෑම මිනිසෙකුම සත්ව ඝාතනය කරන බව.

අප මෙහෙම දෙයක් සිතමු. මේ ලිපිය කියවන ඔබ, යම් වස්තුවක් නිෂ්පාදනය කළා. එම වස්තුව ක්‍රියාත්ම කරන්නට දන්නේ ඔබ පමණයි. එසේම එම වස්තුවට හානියක් සිදුනොවී එය ක්‍රියා විරහිත කරන්නට දන්නේ ද ඔබයි. දැන් ඔබ එම වස්තුව තවත් ඔබගේම සහෝදරයෙක්ට පාවිච්චියට දෙනවා. ඔහුට ඔබ මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද, මෙයට හානියක් සිදු නොවී ක්‍රියා විරහිත කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. ඔබගේ සහෝදරයා එම වස්තුව ක්‍රියාත්මක කර පසුව එය ක්‍රියා විරහිත කරනවිට තවත් කෙනෙකුට ඔබගේ සහෝදරයා එම වස්තුවට හානි පමුණුවනවාසේ දිස්විය හැකිය. එහෙත් එම වස්තුව ඔබෙන් ලබාගත් ඔබේ සහෝදරයා එය ක්‍රියා විරහිත කරන්නේ නිසියාකාරයෙනි. නිෂ්පාදනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් හෝ එම වස්තුව නිෂ්පාදනය කර ඇත්තේ කුමක් සදහා ද යන්න පිටතින් බලාසිටි පුද්ගලයාට කිසිම දැනුමක් නොමැත. එහෙත් එම වස්තුව ක්‍රියා විරහිත කරන විට පමණක්, එම වස්තුවට හානි කරනවායැයි සිතා පිටතින් සිටින පුද්ගලයා කලබලයට පත් වන්නේ.

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වන්නේ අල්ලාහ් මේ ලෝකය මවා ඇත යන්නයි. මැවුම්කරු මෙලොවේ ඇතැම් වස්තූන් මිනිසාගේ ප්‍රයෝජනය සදහා ක්‍රියාවිරහිත කරන්නට නම්, එයට හානි නොවනසේ ක්‍රියා විරහිත කරන්නේ කෙසේ දැයි උගන්වා ඇත. උදාහරණයක් ලෙස සත්ව ඝාතනය. මුස්ලීම්වරුන් ආගමේ උපදෙස් පරිදි සතෙකු ඝාතනය කිරීමේ දී සතාට ඇති වන වේදනාව අවම වන බව විද්‍යාව ඔප්පු කර ඇත. එය ඉටුකරන විට දෙවියන් සම්බන්ධයෙන් මනා දැනුමක් නැති, සතුන් කුමක් සදහා මවා ඇත්තේ ද යන්න පැහැදීමක් නැති කෙනෙකුට සතෙක් මැරීම පිළිබදව කලබලයට පත්විය හැකිය. එහෙත් කලබලයට පත් පුද්ගලයාට පැහැදිලි කිරීමක් ලබාදීම අපගේ යුතු කමයි.ඔබ ශාක භක්ෂක සතුන් වන එළුවන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් පිළිබදව සැළකිලිමත්ව බැලූවහොත් ඔවුන්ට ශාකමය ආහාර ගැනීම සදහා පහසු ආකාරයෙන් චාර්වක හා පුරස්චාර්වක දත් පමණක් හිමිකරගෙන සිටින බව දැනගත හැකිය.එසේම මාංශ භක්ෂක සතුන් වන සිංහයා, කොටියා, දිවියා වැනි සතුන් ගැන පරීක්ෂා කළ බැලූවහොත් ඔවුන්ට මාංශමය ආහාර අනුභව කිරීම සදහා රදනක දත් පමණක් හිමිකරගෙන සිටින බව දැකගත හැකිය. දත්වල පිහිටීම ගැන විපරම් කර බැලූවහොත් මාංශමය ආහාර ගැනීම සදහා උචිත ආකාරයට මුවහත් දත් පමණක් පිහිටීම දැකගත හැකිය.

එසේම මිනිසුන්ගේ දත්වල පිහිටීම විමසා බැලූවහොත් රදනක දත් සමගම ශාකමය ආහාර වර්ග ගැනීම උදෙසා උචිත ආකාරයට චාර්වක හා පුරස්චාර්වක දත් දැකගත හැකිය. මිනිසෙකු ශාකමය ආහාර පමණක් ගතයුතු යැයි ස්භාවධර්මයා තීරණය කළේ නම් මිනිසුන්ට මාංශමය ආහාර අනුභව කිරීමට රදනක් දත් පිහිටියේ මන්ද? එසේ නම් මිනිසාගේ දත්වල පිහිටී වැරදි ද?

මාංශමය ආහාර මෙන්ම ශාකමය ආහාර ගතයුතු යැයි යන අදහසින්ය, අල්ලාහ් මිනිසුන්හට රදනක දත්මෙන්ම චාර්වක හා පුරස්චාර්වක දත් ද මිශ්‍රව ලබා ඇත්තේ.

මෙයට අමතරව තවත් උදාහරණයක් දැක්විය හැකිය. මාංශ ආහාරයට එරෙහිවන බොහෝ දෙනෙක් සතුන්ගේ හම්වලින් නිපැයු භාණ්ඩවලට තමන් නොදැනුවත්වම ඇල්මක් දක්වයි. හම් වලින් සාදන ලද සෙරෙප්පු, රබාන, මුදල් පසුම්බි, බෑග් යනාදි වශයෙන් හම් වලින් නිපැයු භාණ්ඩ සදහා ද තමන්ගේ විරුද්ධත්වය පළකරනවා නම් එය වටින්නේය. එසේ මස්වල රසකාරක සොයා ගනිමින් සාදන සොයාමීට්, සුප් කැට යනාදී දෑ මස් වලට තිබෙන මිනිසාගේ ඇල්ම හේතුවෙන් ආහාරයට ගන්නේය. මේ රසකාරක සියල්ල හදන්නේ සතුන්ගෙන්ය. ඒ වෙනුවෙන් සතෙකු මැරෙනවාමය.

නිර්මාංශ ආහාරය සම්බන්ධයෙන් කතා කරන ඇතැම් රටවල ධීවර සංස්ථා නාමයෙන් ලක්ෂ ගණන් මත්සයන් ඝාතනය කරන්නේය.

 

ගොවිතැන වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත කෘමීන් ඝාතනයට ලක්කරන්නේය. සෞඛ්‍යය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශ කරන්නේය. මේ සියල්ල සම්බන්ධයෙන්ම නිශ්ෂබ්දව සිටින්නන් මුස්ලීම්වරුන්ට පමණක් දොස්කීම කෙතරම් අසාධාරණ ද?

සතාගේ බෙල්ල කැපීම පමණක් සත්ව ඝාතනය නොවේ බල්ලන්ට සහ ගවයන්ට උපත්පාලනය සිදුකිරීමද මහා සත්ව ඝාතනයකි. මෙය හනිහනිකට ඇතැම් රටවල සිදුවෙමින් පවති.

අප සියලූ දෙනාම මාංශමය ආහාර වලින් වැළකී එළවළු කන්න පටන් ගත්තා යැයි සිතමු. නිව්යෝක් නුවර සියල්ලන්ම බඩගින්නේන් සිටින්නට වෙනවා. අරබිකරයේ සියළුදෙනාම බඩගින්නේ, එසේ නැත්නම් අනිවර්‍යයෙන්ම එළවළු මිල හිතාගත නොහැකි විදිහට ඉහලයන්නට පුළුවන.

බහුතරයක් වූ ආගම්වල අයත් අය මාංශමය ආහාර අනුභව නොකිරීමට හේතුව නම්, ඔවුන්ගේ ආගම් ආහාර පිණිස පවා සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් යන ප්‍රතිපත්තිය දේශනා කරන ඒවා වීමය. එක් ප්‍රාණයක්වත් නොමරා එක් මිනිසෙකු ජීවත් විය හැකි වන්නේ නම් ඉහත ප්‍රතිපත්තිය අනුගමන කරන මිනිසුන් ගෙන් ඉදිරියෙන්ම සිටින්නෝ අපිවෙමු. වෛදය්‍ය ක්ෂේත්‍රයට සතෙකු දෙකට පලා අධ්‍යන කටයුතු වල යෙදෙයි. මෙය වැලැක්විය නොහැක.

පෙර කාලවලදී ශාකවලට ප්‍රාණය නොමැත යැයි මිනිසුන් විශ්වාස කරමින් සිටියහ. එහෙත් වත්මන් අධ්‍යාපන යුගයේ තුරුලතාවලටද ප්‍රාණය තිබෙන බව ලොව පුරා දන්නා කරුණකි. එමනිසා නිර්මාංශ ආහාර අනුභව කරන්නන් වශයෙන් සිටියද ප්‍රාණ ඝාතනය නොකර සිටීම යනු සිදුවිය නොහැක්කක් වන වග තේරුම් ගත යුතුය.

තුරුලතාවන් විසින් වේදනාවන් සචේතනය කරගත නොහැකිය. එම නිසා තුරුලතාවන් මරා දැමීම ප්‍රාණය ඇති සතුන් ඝාතනය කිරීමට වඩා අඩු පාප කර්මයක් වන්නේ යැයි සමහරු තර්ක කළ හැකිය. නූතන වි»ව තුරුලතාවන්ටද වේදනාවන් දැනෙන්නේය යන යථාර්තය අපහට කියා පාන්නේය. 20 Hertz ට වඩා අඩු ශබ්දයද 20000 Hertz ට වැඩි ශබ්දයද මිනිසා විසින් ශ්‍රවණය කළ නොහැකි බැවින් තුරුලතාවන් වේදනාවෙන් විලාප නැගීම අපට දැනගත නොහැකිය. ඇමරිකාවේ ගොවියෙක් පර්යේෂණය කර තුරුලතාවන් විලාප නැගීම මිනිසුන් ශ්‍රවණය කළ හැකි ආකාරයට වෙනස් කළ හැකි උපකරණයක් සොයා ගෙන ඇත. මෙම උපකරණය මගින් තුරුලතාවන් ජලය උදෙසා නගන විලාප මිනිසුන් විසින් ශ්‍රවණය කළ හැකිය. පසුව පැමිණි වෙනත් පර්යේෂකයන් තුරුලතාවන්ට සතුට වේදනාව වැනි හැගීම් හෙලිකිරීමේ හැකියාවන් සතුව ඇති බව සොයාගෙන ඇත.

මෙසේ තුරුලතාවන්ද වේදනවන් දන්වන ඒවාය, සතුට වේදනාව වැනි හැගීම් හෙළිකිරීමේ හැකියාව ඇත යැයි විද්‍යාව ඔප්පු කරන්නේය. මුස්ලිම්වරුන්වන අපද තුරුලතාවන්ට ජීවය ඇත යැයි විශ්වාස කරන්නෙමු.අවසාන වශයෙන් කිවයුතු කරුණක් ඇත. අද ලෝකයේ සතුන්ගේ වදහිංසව කතා කිරීමට වඩා මිනිසුන් මිනිසුන්ට කරන වදහිංසාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතා කිරීමේ අවශ්‍යතාවය ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු ජීවත් කිරීමේ අවශ්‍යතාවය ඇත. හරකුන්, එළුවන්, අලියන්, කොටියන්, සිංහයන් වෙනුවෙන් මිනිසුන් අතර ඇනකොටා ගැනීමේ තත්වයක් අද උදාවී ඇත. මිනිසාව ජීවත් කරනවා ද සතුන්ව ජීවත් කරනවාද යන්න ගැටළුවක් වී ඇත. නොයකුත් ප්‍රශ්න අසන අයට තවත් ප්‍රශ්නයක් මතක් කරන්න කැමැත්තෙමි.

මිනිසාට මුල් තැන දෙනවාද? සතුන්ට මුල්තැන දෙනවාද?

http://obataislam.com/wp-content/uploads/2015/06/Both-veg-and-non-veg-copy.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/Both-veg-and-non-veg-copy-300x300.jpgAdminවිවිධආහාර,ඉස්ලාම්,තුරුලතාවන්,නිර්මාංශ,මාංශ භක්ෂක,සත්ව ඝාතන,සතුන්
සත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි ?නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරීම යනු සත්වයින්ගේ අයිතිවාසිකම්...