අල්ලාහ් කිසිදු පුතෙකු ඇති කර නොගත්තේය. උන්වහන්සේ හැර වෙනත් කිසිදු දෙවියෙකුද නොවීය. එසේ (වෙනත් දෙවිවරුන්) වුවහොත්, එම එක් එක් දෙවිවරුන් තම තම නිර්මාණයන් තමන් සතු කර ගනිමින්, ඔවුනොවුන් ආක්‍රමණය කරමින් සෙස්සන් මැඩපවත්වාවි.

අල්ලාහ් ඔවුන් විදහා පෙන්වන දෙයින් අති උත්කෘෂ්ඨය. (23:91)

ඔබගේ ඔරලෝසු උදාහරණයම ගන්න. එහි නිර්මාණ කන්ඩායමටත් නායකයෙකු සිටිය යුතුමයි නේද? රටක පාර්ලිමේන්තුවක් තිබියද, ජනාධිපති එක්කෙනෙකු නොවී නම් !…. සිතා බලන්න.

අල්ලාහ් යනු

මිනිසා ස්වභාවික උපතක්ද? නැතහොත් මැවුම් කරු මිනිසාද? විශ්ව ප්‍රාරම්භයේ නිර්මාතෘ කවුරුන්ද?

ඕනෑම ලෞකික වස්තුවක් බිහිවීම පසුපස බිහි කරන්නෙකු සිටිය යුතුය. මිනිසා පරිහරණය කරන සියලු භෞතික වස්තූන් පෙර පැවති හෝ පෙර පැවති දෙයින් නිෂ්පාදිත ඒවා බව සැවෝම පිළිගත යුතු යථාර්ථයකි.

මිනිසා විසින් ඇති කල හෝ නිපදවන ලද සියල්ල ඔහුගේ නිර්මාණයන් බව සැවොම එකහෙලා පිළි ගනිති.

නමුත් මිනිසාගේ නිර්මාණයනට වඩා දස දහස් ගුණයකින් මනා සංකලනයකින් හා අති සූක්ෂම ලෙස නිමවූ මෙම විශ්වය, මහ පොළොව හා එහි නිර්මිතව පවතින සියල්ල නිර්මාණයන් බව පිළි ගැනීමට පසුබට වන ඔහු, එය ස්වභාවයෙන් අස්තිත්වයට පැමිණි බව තර්ක කිරීම කෙතරම් යථාර්ථවාදීද?

මිනිසාගේ ජීවිකාවට අවශ්‍ය හැම අංගයකින්ම පරිසමාප්ත මෙම මහ පොළොව සැලසුම් සහගත ක්‍රියාදාමයකට යටත්ව බමනය වන බව නොරහසකි.

කුඩා ජීව සෛලයේ පටන් ඉතා දියුණුව පවතින ජීව සෛලයේ සබැඳියා තත්වය, පරමාණුවේ පටන් සමස්ත සූර්ය මණ්ඩල ග්‍රහයන්ගේ සමානුයෝගී ජාල බන්ධකය‍යෙහි පවතින සබැඳියාවද ඒකාකාරය.

ලොව ඇති ජීවී අජීවීන්ගේ රූපිතය හා රූපය, මිනිසා හා ඔහුගේ මනා සංකලන ශාරීරික ජාල පද්ධතිය වැනි ඉහත කී සියල්ල ගැඹුරට අධ්‍යනය කිරීම තුලින් එහි පවතින විශ්මිත, අනුපමේය භාවය හා එහි මැවුම්කරුද හඳුනා ගත හැකිය.

සමුල විද්‍යාමානයන් අද්වීතීය බව පවසන නවීන විද්‍යාව, මෙම අසමාන නිර්මාණයන්හි නිර්මාපකයානන්ද අනුපමේය විය යුතු අතර, උන්වහන්සේට යෙදෙන නාමයද අනුපමේය හා සදොස් අර්ථ වලින් තොර අනාදේශ වූත් අසමසම වූත් නාමයක් විය යුතුය.

මෙම නිරුපමේය විශ්වයේ අසහාය අධිපතිඳුන් අරාබි භාෂාවෙන් “අල්ලාහ් ” යනුවෙන් හඳුන්වනු ලබයි.

අරුත අනූ අටකින් සමන්චිත “අල්ලාහ් ” යන මෙම උතුම් දේව නාමය බහුත්වයෙන් තොර ලිංගත්වයෙන්ද ස්වාධීනය. මෙම ආශ්චර්යජනක නාමයේ උච්චාරණ ස්වරය දෙපැත්තෙන්ම ඒකාකාර හඞකින් සමන්චිතය. තවද එහි ඇති අක්ෂර එකිනෙක ඉවත් කලද, අවසාන අක්ෂරය දක්වා එහි උච්චාරණ ස්වරය නොවෙනස්ව රුඳී පවති.

විශ්ව නිර්මාතෘ හට “අල්ලාහ් ” යන මෙම උතුම් දේව නාමයට සරිලන වෙනත් වචනයක් අන් කිසිඳු භාෂාවක නොමැති බව ලොව විද්වතුන් විසින් සාධක සහිතව සනාථ කර ඇත.

එහෙයින් මෙම විශ්වයේ මැවුම්කරුට සරිලන එකම ධාර්මික නාමය “අල්ලාහ් ” හෙයින්, එම මාපකයානනට පමණක් අවනත වන මුස්ලිම් සමාජය උන්වහන්සේට “අල්ලාහ් ” යන නාමයෙන් ආමන්ත්‍රණය කරති.

 

http://obataislam.com/wp-content/uploads/2015/06/allah_1-1024x768.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/allah_1-300x300.jpgAdminඉස්ලාමය හැදින්වීමඅල්ලාහ්,ඉස්ලාමය හැදින්වීම,දෙවිවරුන්,නිර්මාතෘ
අල්ලාහ් කිසිදු පුතෙකු ඇති කර නොගත්තේය. උන්වහන්සේ හැර වෙනත් කිසිදු දෙවියෙකුද නොවීය. එසේ (වෙනත් දෙවිවරුන්) වුවහොත්, එම එක් එක් දෙවිවරුන් තම තම නිර්මාණයන් තමන් සතු කර ගනිමින්, ඔවුනොවුන් ආක්‍රමණය කරමින් සෙස්සන් මැඩපවත්වාවි. අල්ලාහ් ඔවුන් විදහා පෙන්වන දෙයින් අති උත්කෘෂ්ඨය”. (23:91) ඔබගේ ඔරලෝසු උදාහරණයම ගන්න. එහි නිර්මාණ කන්ඩායමටත් නායකයෙකු සිටිය යුතුමයි නේද?...