අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් සමහරක් පහත සඳහන් වෙයි. මෙම සියළුම අදහස් උපුටා ගෙන ඇත්තේ This is the Truth (සත්‍යය මෙයයි) නමැති වීඩියෝ පටයෙනි. මෙම වීඩියෝ පටයෙහි එම විද්‍යාඥයන් පහත සඳහන් කර ඇති ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ආකාරය, දැකීමටත්, එය ඇසීමටත් ඔබට පුළුවන. (මෙම වීඩියෝ පටයෙහි පිටපතක් ලබා ගැනිම සඳහා කරුණාකර www.islam-guide.com/truth වෙබ් අඩවියට පිවිසෙන්න).

ආචාර්ය ටි. වි. එන්. පර්සෝඩ් (T. V. N. Persaud)

ආචාර්ය ටි. වි. එන්. පර්සෝඩ් (T. V. N. Persaud)

1) ආචාර්ය ටි. වි. එන්. පර්සෝඩ් (T. V. N. Persaud) යනු කැනඩාවේ විනිපෙග්හි මැනිටෝබා විශ්ව විද්‍යාලයෙහි කායව්‍යවච්ඡේදය පිළිබඳව මහාචාර්යවරයෙකුද ළමා රෝග හා ළමා සෞඛ්‍යය පිළිබඳව මහාචාර්‍යවරයෙකුද ප්‍රසව හා නාරිවේදය ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව මහාචාර්යවරයෙකුද වෙයි. ඔහු එම විශ්ව විද්‍යාලයෙහි කායව්‍යවච්ඡේදය අංශයෙහි වසර 16ක් මහාචාර්‍යවරයෙකු ලෙස කටයුතු කොට ඇත. එම ක්ෂේත්‍රයෙහි ඔහු ඉතාමත් ප්‍රසිද්ධ අයෙකි. ඔහු ග්‍රන්ථ 22ක කතෘවරයෙකු වන අතරම ඔහු විද්‍යාත්මක පත්‍රිකා (Scientific papers)181 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කොට ඇත. 1991 වසරෙහි ඔහු කැනේඩියානු කායව්‍යවච්ඡේදවේදීන්ගේ සංගමය මඟින් පිරිනමනු ලබන කැනඩාවෙහි කායව්‍යච්ඡේද අංශයේ ඉතාමත්ම සම්භාවනීය සම්මානය වන J. C. B. Grant Award සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහු විසින් පර්යේෂණ පවත්වන ලද දෑ පිළිබඳව අල් කුර්ආනයෙහි සඳහන් විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් අළලා ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය.

“මට දැනෙන ආකාරයට නම් මුහම්මද් කියන්නේ සාමාන්‍ය මිනිසෙක්. ඔහු ලිවිමටවත් කියවීමටත් නොදන්නා කෙනෙක් එනම් අක්ෂර ඥානය නොමැති කෙනෙක්. එසේම අප කතා කරන එම කාල වකවානුවත් දැනට ශතවර්ෂ දොළහකට (සැබැවින්ම ගතහොත් ශතවර්ෂ දහහතරකට) ඉහත කාල වාකවානුවයි. මෙහිදි අක්ෂර ඥානය පවා නොමැති යමෙකු විසින් විද්‍යාත්මක අතින් ඉතාමත් නිවැරදි හා ඉතාමත් ගැඹුරු අර්ථයන් සහිත අදහස් හා ප්‍රකාශයන් ඉදිරිපත් කොට තිබෙනවා. මෙය නිකම්ම අහඹු සිදුවිමක් බව මට නම් කෙසේවත් හිතන්න බැහැ. ඒවායෙහි බොහෝ නිවැරදිතාවයන් තිබෙනවා. ඔහුට මෙම ප්‍රකාශයන් සිදුකිරිමට පොළඹවන ලද්දේ කිසියම් දිව්‍යමය ඥානයක් හෝ එවැනි දිව්‍යමය හෙළිකිරීමටක් මඟින් බව සිතීමට ආචාර්ය මුවර්ට සේම මටද කිසිදු අපහසුවක් නැහැ.”

අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් මහාචාර්ය පර්සෝඩ් ඔහුගේ ග්‍රන්ථ සමහරක අල් කුර්ආන් පරිච්ඡේදයන් සේම වක්තෘ මුහම්මද් තුමාගේ ප්‍රකාශයන්ද ඇතුළත් කොට තිබේ. එසේම ඔහු සම්මේලන සමහරකදී ද මෙම කුර්ආන් පරිච්ඡේදයන් සහ වක්තෘ මුහම්මද් තුමාගේ ප්‍රකාශයන් ඉදිරිපත් කොට ඇත.

Prof. Simpson presenting a research paper.

ආචාර්ය ජෝ ලී සිම්ප්සන් (Dr. Joe Leigh Simpson)

2) ආචාර්ය ජෝ ලී සිම්ප්සන් (Dr. Joe Leigh Simpson) යනු ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්, හුස්ටන්හි බේලර් වෛද්‍ය විද්‍යාලයෙහි ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ සභාපතිවරයාය. එසේම ඔහු ප්‍රසව හා නාරිවේදය පිළිබඳව මහාචාර්යවරයෙකුද, අණුක සහ මානව ජාන විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකුද වෙයි. මෙයට ඉහතදි ඔහු ඇමරිකාවේ මෙම්ෆිස්හි ටෙනෙසී විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ සභාපති ලෙසත් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙසත් කටයුතු කර ඇත. එසේම ඔහු ඇමරිකානු සඵලතාවය පිළිබඳව සංගමයේ (Fertility Society) සභාපති ලෙසද කටයුතු කොට ඇත. එසේම ඔහු 1992 වර්ෂය සඳහාවුAssociation of professors of Obstetrics and Gynecology Public Recognition Award නම් සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලබුවෙකි. මහාචාර්ය සිම්ප්සන් වක්තෘ මුහම්මද් තුමාගේ පහත සඳහන් වන ප්‍රකාශයන් දෙක අධ්‍යයනයට ලක් කර ඇත.

“ඔබ සියළු දෙනාගේම සියළුම අවයවයන් නිර්මාණය කිරීම, දින හතලිය වන විටදී ඔබගේ මවගේ ගර්භාෂය තූළදී එකට එකතූ කරනු ලැබේදි.1 ”

{කළලයට රාත්‍රීන් හතලිස් දෙකක් ඉකුත් වන විටදී දෙවියන් විසින් එය කරා සුරදූතයෙකු එවනු ලබන අතර ඔහු විසින් එයට නියමිත හැඩයන් ලබා දෙමින් එහි ඇසීම, පෙනීම, සම, මාංශ හා අස්ථින් නිර්මාණය කරනු ලැබේ.දි. 2}

ඔහු ඉහත සඳහන් වන වක්තෘ මුහමිමද් තුමාගේ ප්‍රකාශයන් දෙක ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කළ අතර කළල ජනනයෙහි පළමු දින හතළිය එහි ඉතාමත් පැහැදිලි හා වැදගත් කාලපර්ච්ඡේදය බවද අවධානයට ලක් කරන ලදි. මෙහිදී ඔහු වක්තෘ මුහම්මද් තුමාගේ ඉහත සඳහන් වන ප්‍රකාශයන්හි තිබුන සාතිශය නිරවද්‍යතාවය පිළිබඳව ඉතාමත් පුදුමයට පත්විය. ඉන්පසුව එක් සම්මේලනයකදි ඔහු පහත අදහස් පළකරන ලදි.

මෙම හදිස් ( වක්තෘ මුහම්මද් තුමා(එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) විසින් පවසන ලද දේවල්) දෙක මඟින් දින හතලිහකට පෙර සිදුවන ප්‍රධාන කළල විකසන පිළිබදව විශේෂිත කාල සටහනක් අප හට ලබාදෙනවා. එසේම, මා සිතන ආකාරයට මා පවසන මෙම කරුණ අනෙකුත් කථිකයන් විසින්ද අද උදෑසන නැවත නැවත ප්‍රකාශයට පත් කළා. එනම් මෙම හදීසයන් ඒවා ලියන කාලයෙහි තිබුණ විද්‍යාත්මක දැනුම සොයාගෙන ලියන ලද ඒවා විය නොහැකි බවයි. එසේම, මා සිතන්නේ ජාන විද්‍යාව හා ධර්මයට අතර ගැටීමක් නොමැත. ඇත්තෙන්ම පරම්පරික විද්‍යාත්මක ප්‍රවේශයන් සමග ධර්මයට දෙවියන් විසින් හෙළිදරවු කළ දෑ එක්කිරීම මඟින් එම ධර්මයට විද්‍යාව කෙරෙහි මගපෙන්වීමක් කළ හැකියි. මෙසේ, අල් කුර්ආනයෙහි පවතින ප්‍රකාශයන් වල සත්‍යතාවය එය පහළ වී ශතවර්ෂ ගණනාවකට පසුව අදටත් ඒවා වලංගු වේ. එතුළින් අල් කුර්ආනයෙහි අන්තර්ගත දැණුම් සම්භාරයෙහි මූල ප්‍රභවය දෙවියන් බව අප හට එත්තු ගන්වනවාම

 

Interview with Prof. Johnson.

ආචාර්ය ඊ මාෂල් ජොන්සන් (Dr. E. Mashall Johnson)

3) ආචාර්ය ඊ මාෂල් ජොන්සන් (Dr. E. Mashall Johnson) යනු ඇමරිකාවේ පෙන්සිල්වේනියාහි ෆිලඩෙල්ෆියා වල පිහිටි තෝමස් ජෙෆර්සන් විශ්ව විද්‍යාලයේ කායව්‍යවච්ඡේදය හා විකසන ජිව විද්‍යාව පිළිබඳව මහාචාර්ය එමරිටස් වරයෙකි. වසර 22ක් පුරා ඔහු එහි මහාචාර්ය ධූරයෙහි කටයුතු කළ අතරම කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුවෙහි සභාපති ධුරයද, ඩැනියල් බෝග් ආයතනයෙහි අධ්‍යක්ෂ ධූරයද හෙබවිය. එසේම ඔහු විරූප විද්‍යා (Teratology) සංගමයෙහිද සභාපති ලෙස කටයුතු කරන ලදී. ඔහු ප්‍රකාශන 200කට වැඩි ගණනක කතෘවරයෙකුද වෙයි. 1981 දි සෞදි ආරබියෙහි දමාම්වල පැවති හත්වන වෛද්‍ය සම්මේලනයේදි ඔහුගේ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මෙසේ පැවසිය.

සාරංශය : අල් කුර්ආනය මඟින් බාහිර රූපකාරවල විකසනය පිළිබඳව පමණක් නොව, අභ්‍යන්තර අවධීන් පිළිබඳවද අවධාරණය කරයි. එනම්, වර්තමාන විද්‍යාව මඟින් හඳුනාගත් කළලය තුල ඇති විවිධ අවධින් පිළිබඳවද, එහි නිර්මාණය හා විකසනය පිළිබඳවද අවධාරණය කරයි

එසේම, ඔහු තවදුරටත් පැවසුවේ

” විද්‍යාඥයෙකු ලෙස, මා හට ක්‍රියාකල හැක්කේ මා නිශ්චිත වශයෙන්ම දකින දේවල් සමග පමණයි. මා හට කළල විද්‍යාව හා විකසන ජිව විද්‍යාව පිළිබඳව තේරුම් ගැනිමට පුළුවනි. මා හට පරිවර්ථනය කොට පෙන්වන ලද අල්කුර්ආන් වාක්‍යයන්ද මා හට තේරුම් ගැනීමට පුළුවනි. මා මෙයට පෙර උදාහරණයක් ඉදිරිපත් කළාසේම, මා මෙම වර්තමානයේ සිදුවන දේවල් එම යුගයට ගොස් ඒවා විස්තර කිරීමට හැකියාවක් තිබුණත් මා හට එම විස්තර කොට තිබෙන දේවල් විස්තර කිරීමේ හැකියාවක් නම් නොමැති වේවි. එබැවින්, මුහම්මද්(එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නැමැති මෙම පුද්ගලයාහට මෙම තොරතුරු යම් ස්ථානයකින් හෙළිදව් වූ බවට පවතින සංකල්පය වැරදි බව පැවසිම සඳහා සාදක කිසිවක් මාහට දකින්නට නැහැ. එබැවින්, ඔහු හට ලිවීමට හැකිවු දේවල් සඳහා කිසියම් දිව්‍යමය මැදිහත් වීමක් හේතුවූ බවට පවතින සංකල්පයට එරෙහි වීමට තරම් කිසිවක් මාහට දකින්නට නැහැ.3

Professor Hay.

ආචාර්ය විලියම් වයි හේ (Dr. William W. Hay)

4) ආචාර්ය විලියම් වයි හේ (Dr. William W. Hay) යනු සුප්‍රසිද්ධ සමුද්‍ර විද්‍යාඥයෙකි. ඔහු ඇමරිකාවේ කොළරාඩෝ, බෝල්ඩර්හි කොළරාඩෝ විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාවන් පිළිබඳව මහාචාර්ය වරයෙකි. ඔහු මෙයට පෙර ඇමරිකාවේ ෆ්ලෝරීඩා, මියාමිහි පිහිටි මියාමි විශ්ව විද්‍යාලයේ සමුද්‍ර සහ වායුගෝල විද්‍යාව පිළිබඳව වූ රොසෙන්ස්ටයිල් විද්‍යාලයේ පිඨාධිපති ධූරයේද කටයුතු කොට ඇත. සාගර පිළිබඳව මෑතකදි සොයා ගන්නා ලද තොරතුරු පිළිබඳව අල් කුර්ආනයේ සඳහන් දෑ පිළිබඳව මහාචාර්ය හේ සමග සිදුකරන ලද සාකචිඡාවෙන් පසූ ඔහු පැවසුවේ,

“ශුද්ධ වු කුර්ආනය වැනි ඉපැරණි ධර්ම ග්‍රන්ථයක මෙවැනි වු ආකාරයේ තොරතුරු සඳහන්වීම මා හට නම් ඉතාමත් සිත්ගන්නා සුළුයි. එසේම එම තොරතුරු කොහේ සිට ලැබුණ ඒවා වියහැකිදැයි මට නම් සිතා ගන්නට බැහැ. මෙහි සමහර පරිච්ජේදවල අර්ථයට අදාළ වූ තොරතුරු සොයාගැනිමේ වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින විටදිත් ඒවා අල් කුර්ආනයෙහි සඳහන් වී තිබීම ඉතාමත්ම සිත්ගන්නා සුළු දෙයක් බවයි මම සිතන්නේ”

එසේම, ඔහුගෙන් අල් කුර්ආනයෙහි ප්‍රභවය පිළිබඳව විමසීිමක් කළවිට ඔහු පැවසුවේ,

“ඇත්තෙන්ම, මම නම් සිතන්නේ එය දෙවියන්ගේම විය යුතු බවයි”

 

Prof. Goeringer discussing the Qur'an and Embryology.

ආචාර්ය ජෙරාල්ඩ් සි. ගෝරිංගර් (Dr. Gerald C. Goeringer)

5) ආචාර්ය ජෙරාල්ඩ් සි. ගෝරිංගර් (Dr. Gerald C. Goeringer) ඇමරිකාවේ වොෂිංටන්හි ජෝර්ඡ් ටවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයෙහි සෛල ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ කළල වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු සේම පාඨමාලා අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරයි. සෞදි ආරාබියේ රියාද්හි පැවති අටවන සෞදි වෛද්‍ය සම්මේලනය යේදී ඔහුගේ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරන අතරතුරදී මහාචාර්ය ගෝරිංගර් පහත දැ ප්‍රකාශ කරන ලදි.

“ජන්මානු සංයෝජනය වීමේ සිට අංගජනනය දක්වාවූ මානව විකසනය පිළබඳව ඉතාමත් පෘථූල විස්තරයක් සාපේක්ෂව ඉතාමත් අඩු වාක්‍යයන් (අල්කුර්ආන් වාක්‍යයන්) ගණනක අඩංගුව පවතියි. වර්ගීකරණයන්, ඒ සඳහා වූ පාරිභාෂික ශබ්ද මාලාව හා විස්තර කිරීම් වැනිවූ මානව විකසනය පිළිබඳව වන සම්පූර්ණ සහ පැහැදිලි සටහනක් මෙයට පෙර තිබී නොමැත. එම සියළුම, එසේත් නොමැති නම් සාම්ප්‍රදායික විද්‍යාත්මක ලිපි ලේඛන වල මානව කළල හා භ්‍රූණ විකසනයෙහි විවිධ අවස්ථාවන් පිළිබඳව සඳහන් විමට ශතවර්ෂ ගණනාවකට කලින්ම මෙහි විස්තර කිරීම් සිදුවී තිබෙනවා.”

 

Interview with Prof. Yushidi Kusan - Director of the Tokyo Observatory.

ආචාර්ය යොෂිහිදේ කොසෙයි (Dr. Yoshihide Kozai)

6) ආචාර්ය යොෂිහිදේ කොසෙයි (Dr. Yoshihide Kozai) ජපානයේ, ටෝකියෝ, හොංකොංහි ටෝකියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එමරිටස් වරයෙකි. එසේම ඔහු ජපානයේ ටෝකියෝ, මිටකාහි ජාතික ග්‍රහලෝක නිරීක්ෂණාගාරයෙහි අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබෙයි. ඔහු පවසන ආකාරයට

“තාරකා විද්‍යාව පිළිබඳව තොරතුරු කුරානයෙහි දැකීම මට ඉතාමත් පුදුම සහගතයි. එසේම, වර්තමාන තාරකා විද්‍යාඥයන් අධ්‍යයනය කරමින් සිටින්නේ විශ්වයේ ඉතාමත් සුළු කොටස් පිළිබඳවයි. අප අපගේ ශ්‍රමය පූර්ණ ලෙස යොදවා ඇත්තේ විශ්වයේ ඉතාමත්ම කුඩා කොටසක් පිළිබඳව තේරුම් ගැනීම සඳහායි.එනම්, දුරේක්ෂයන් යොදාගෙන අප හට නිරීක්ෂණය කල හැක්කේ විශ්වයේ ඉතාමත්ම සුළු කොටසක් පමණයි. මුළු විශ්වයම ගැන සිතන්නට බැහැ. එම නිසා, අල් කුර්ආනය කියවීම මගිනුත්, ප්‍රශ්න වලට පිළිතුරු සැපයිම තුළිනුත්, මා සිතන්නේ, මා හට අනාගතයේ විශ්වය පිළිබඳව අධ්‍යනය කිරිම සඳහා මාර්ගය සොයා ගැනිමට හැකිවන බවයි.”

Prof. Tejasen embraces Islam.

මහාචාර්ය ටිජාටැට් ටෙජාසන් (Prof. Tejatat Tejasen)

7) මහාචාර්ය ටිජාටැට් ටෙජාසන් (Prof. Tejatat Tejasen) යනු තායිලන්තයේ චියං මෙහියි පිහිටි චියං මෙයි විශ්ව විද්‍යාලයේ කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුවේ සභාපතිවරයාය. මෙයට පෙර ඔහු එම විශ්ව විද්‍යාලයේම වෛද්‍ය පීඨයෙහි පීඨාධිපති ලෙස කටයුතු කරන ලදි. සෞදි අරාබියේ රියාද්හි පැවති අටවන වෛද්‍ය සම්මේලනයේදී මහාචාර්ය ටෙජාසන් නැගි සිට මෙලෙස පැවසිය.

“පසුගිය වසර තුන තුළදි මා අල් කුර්ආනය පිළිබඳව විමසිලිමත් විමි. මාගේ අධ්‍යයනයන් තුලිනුත්, මෙම සම්මේලනයේදි මා දැනගත් දේවල් තුලිනුත්, දැනට වසර එක්දහස් හාරසියයකට පෙර කුරානයේ සටහන් කර තිබූ සියළු දැ සත්‍යයක් විය යුතු බවත්, ඒවා විද්‍යාත්මකව ඔප්පු කිරීමට හැකි බවත් මා විශ්වාස කරමි. වක්තෘ මුහම්මද් තුමාට (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) ලිවීමේ හෝ කියවීමේ හැකියාව නොමැති බැවින්, මුහම්මද් යනු බලසම්පන්න නිර්මාතෘ විසින් ඔහුට හෙළි දරව් කරන ලද සත්‍ය අප හට ප්‍රකාශ කල දූතයෙකු විය යුතුය. මෙම නිර්මාතෘවරයා දෙවියන්වහන්සේ විය යුතුය. එබැවින්, මෙය, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, අල්ලාහ් (දෙවියන්වහන්සේ) හැර නැමදීමට සුදුසු අන්කිසිවෙකු නොමැත, මුහම්මදුර් රසුලුල්ලාහ්, මුහම්මද් යනු අල්ලාහ් (දෙවියන්වහන්සේ)ගේ දුතයා (වක්තෘවරයාය) යැයි පැවසීමට සුදුසුම අවස්ථාව මෙයයි. අවසාන වශයෙන් මා මෙම සමුළුව ඉතාමත් විශිෂ්ඨ ලෙස හා ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කිරිම පිළිබඳව මාගේ සතුට පළ කරමි…….. මා මෙහිදි ලබාගත්තේ විද්‍යාත්මක දැනුම හා ආගමික දැනුම පමණක් නොවෙයි. ඉතාමත් සුප්‍රසිද්ධ විද්‍යාඥයන් බොහෝ දෙනෙකු හමු වීමේ විශිෂ්ඨ භාග්‍යයද ඔවුන් අතරින් නව මිතුරන් බොහෝ දෙනෙකු ඇති කර ගැනීමේ අවස්ථාවද මට මෙහිදී උදාවිය. මෙම ස්ථානයට පැමිූිම තුලින් මා ලබා ගත් වටිනාම දෙය වන්නේ ලා ඉලාහ ඉල්ලල්ලාහ්, මුහම්මදුර් රසුලුල්ලාහ් යන්න සහ මා මුස්ලිම් වරයෙකු බවට පත් වීමයි.”

අල් කුර්ආනයෙහි සඳහන් වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව මෙම උදාහරණයන් සියල්ල ගැන දැන ගැනීමෙන් පසුවත් ඒ පිළිබඳව ඉහත විද්‍යාඥයන්ගේ අදහස් දැන ගැනීමෙන් පසුවත් අපි අපගෙන්ම පහත සඳහන් ප්‍රශ්නයන් අසා බලමු.

විවිධ ක්ෂේත්‍රයන් තුළින් ඉතාමත් මෑතකදි සොයා ගන්නා ලද විද්‍යාත්මක තොරතුරු, දැනට වසර එක්දහස් හාරසියයකට පෙර පහළ කරන ලද අල් කුර්ආනයෙහි සඳහන්ව තිබිම අහබු සිදුවීමක් විය හැකිද?
මෙම කුර්ආනයෙහි කර්තෘ මුහම්මද් තුමා හෝ වෙනත් යම් මිනිසෙකු විය හැකිද?
මෙම පැනයන්ට ඇති එකම සුදුසු පිළිතුර වන්නේ, අල් කුර්ආනය යනු දෙවියන්වහන්සේගේම වදන් බවත්, එය ඔහු විසින් අනාවරණය කරන ලද්දක් යන්නත්ය.

අධෝ ලිපි

01) සහීහ් මුස්ලිම් :2643 හා සහීහ් අල් බුහාරි #3208 හි සඳහන්ව ඇත. මෙම ග්‍රන්ථයෙහි { }මෙම විශේෂිත වරහන් තුළ සටහන් කොට ඇත්තේ වක්තෘ මුහම්මද් තුමාණන් ප්‍රකාශ කළ දෑ වල පරිවර්ථනයකි. එසේම අධෝ ලිපිවල# සංඛේතය යොදා ඇත්තේ හදීසයෙහි අංකය සඳහන් කිරීමටයි. හදීස් යනු වක්තෘ මුහම්මද් තුමාණන්ගේ අනුගාමිකයන් විසින් එතුමාණන්ගේ ක්‍රියාවන්, ප්‍රකාශයන් හා අනුමත කළ දෑ පිළිබදව විශ්වාසනීය ලෙස දැනුම් දුන් තොරතුරු වාර්තාය.

02) සහීහ් මුස්ලිම්හි ඃ 2645 හි සඳහන්ව ඇත.

03) වක්තෘ මුහම්මද් තුමාණන් අක්ෂර ඥානයෙන් තොරය.එතුමාට ලිවීමට හෝ කියවීමට නොහැක නමුත් එතුමා තම අනුගාමිකයන්ට අල් කුර්ආනය කටපාඩමින් කියා පෙන්වමින් ඔහුගෙන් සමහරකුට එය සටහන් කර ගන්නා ලෙස අණ කරන ලදී.

source:-A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com)ඇසුරිනි

http://obataislam.com/wp-content/uploads/2015/06/marshal-copy.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/marshal-copy-300x300.jpgAdminවිද්‍යාවDr. E. Mashall Johnson,Dr. Gerald C. Goeringer,Dr. Joe Leigh Simpson,Dr. William W. Hay,Dr. Yoshihide Kozai,Fertility Society,J.C.B Grant Award,Prof. Tejatat Tejasen,Scientific papers,T. V. N. Persaud,Teratology,අල් කුර්ආනය,ආචාර්ය ඊ මාෂල් ජොන්සන්,ආචාර්ය ජෙරාල්ඩ් සි. ගෝරිංගර්,ආචාර්ය ජෝ ලී සිම්ප්සන්,ආචාර්ය ටි. වි. එන්. පර්සෝඩ්,ආචාර්ය යොෂිහිදේ කොසෙයි,ආචාර්ය විලියම් වයි හේ,ඉස්ලාමය හැදින්වීම,ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I,ඉස්ලාම්,ඉස්ලාම් පිලිබඳ අවබෝධයකට රූපිත මග පෙන්වීමක්,මහාචාර්ය ටිජාටැට් ටෙජාසන්,විද්‍යාඥයින්,විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්
අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් සමහරක් පහත සඳහන් වෙයි. මෙම සියළුම අදහස් උපුටා ගෙන ඇත්තේ This is the Truth (සත්‍යය මෙයයි) නමැති වීඩියෝ පටයෙනි. මෙම වීඩියෝ පටයෙහි එම විද්‍යාඥයන් පහත සඳහන් කර ඇති ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ආකාරය, දැකීමටත්, එය ඇසීමටත් ඔබට පුළුවන. (මෙම වීඩියෝ පටයෙහි...