“නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත ,මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ දුතයෙක් වශයෙන් සාක්ෂි දෙමි”,මෙසේ පවසා ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරාගත්තේ නෙදර්ලන්තයේ (ලන්දේසි ජාතික ) අන්ත දක්ෂිණාංශික දේශපාලකයෙකු හා දැඩි ඉස්ලාම් විරෝදියෙක් මෙන්ම,මෑතකදී මුස්ලිම් ලෝකයම කැළඹු නබි තුමාට අපහාස කිරීමට නිර්මාණය කල “ෆිත්නා ” නමැති ඉස්ලාම් විරෝධි චිත්‍ර පටයේ නිර්මාණකරුවන්ගෙන් කෙනෙකු වන ආර්නොඩ් වැන් ඩුර්න් (Arnoud Van Doorn) ය .
පහුගිය පෙබරවාරි 27 වැනි දින ඉහත සදහන් කලිමාව පවසා ඉස්ලාමය වැළඳ ගෙන මදිනාවේ නබි තුමාගේ සමාදිය අසලට පැමිණ “නබි තුමනි ඔබ තුමාව අපහාස කර චිත්‍රපටියක් නිර්මාණය කළා ,එයට සමාව දෙනු මැනව ,කල පව් වලට හිලවු වශයෙන් ඔබතුමාගේ මහත්මා ගුණ මහිමය ලෝකයටම පෙන්වීමට චිත්‍රපටියක් නිර්මාණය කරමි “යනුවෙන් පැවසු බව සවුදිගැසට් වැනි මාධ්‍ය වාර්තා කරයි .

ආර්නොඩ් වැන් ඩුර්න්

ආර්නොඩ් වැන් ඩුර්න්

මේ කියන ආර්නොට් වාන් ඩුර්න් යනු කවරෙක්ද?

නෙදර්ලන්තයේ උපත ලැබූ ඔහු එම රටේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන P.V.V පක්ෂයේ වැදගත් සාමාජිකයෙකි.අප රටේ බොදු බල සේනාව මුස්ලිම් වරුන් ගැන කෙතරම් දුර්මත පවසා ප්‍රචාරයේ යෙදෙනවා මෙන් නෙදර්ලන්තයේ මෙම පක්ෂය ක්‍රියා කරයි
අවුරුදු කිහිපයකට පෙර මෙම පක්ෂයේ නායකයෙකු වන Geert Wilders විසින් මුහම්මද් නබි (සල්) තුමා අපහස කිරීම උදෙස “ෆිත්නා ” නමැති චිත්‍රපටියක් නිර්මාණය කර තිබේ .අර්නෝල්ඩ් යනු මෙම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන දායකත්වයක් දුන් පුද්ගලයෙකි .
නමුත් ඔහු පක්ෂයේ අන්තවාදීත්වය ගැන කලකිරි එම පක්ෂයෙන් ඉවත් වී “හේග් නිදහස් පක්ෂය ” නමින් අලුත් පක්ෂයක් ආරම්බ කරන ලදී .ඒ වගේම හේග් නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙනුත් යෞවන හා පවුල් උපදේශකයෙකු ලෙස සේවයේ දී සිටි .අවුරුදු 46ක් වන මොහු දරුවන් 03 දෙනෙකු පමණ දරුකමටද හදාගෙන ඇත.

ඉස්ලාමයට පැමිණීම

“ෆිත්නා ” චිත්‍රපටියෙන් පසු ඇතිවූ කැලබිම ඔහුගේ සිත වෙනස් වීමට හේතුවක් විය . තම මවට අපහාස කලාක් මෙන් මුස්ලිම්වරුන් අතරේ මේ පිළිබදව ඇතිවූ කැළඹීමට හේතුව කුමක්ද ? මුහම්මද් නබි (සල්) තුමාට එසේ ආදරය කිරීමට හේතුව කුමක්ද යන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේදී ඔහු ඉස්ලාමය කෙරෙහි ආකර්ෂණය විය .
අවුරුද්දක පමණ කාලයක් ආර්නෝල්ඩ් අල් කුර්ආන්  ,හදිත් ඇතුලත්ව ඉස්ලාම් පිලිබදව ඇති පොත පත ද හදාරා ,එමෙන්ම මුස්ලිම් සහෝදරයන් සමගද වාද විවාද පවත්වා ඉස්ලාමය ගැන පවතින සියලුම සැක සංකා දුර මත දුරු කරගන්නා ලදී .
ඒ අනුව පහුගිය පෙබරවාරි 27 ඔහු තම ට්විට්ටර් ගිණුමේ ඉස්ලාමය වැළඳ ගත් බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කළේය.. ඔහු ඉස්ලාමයට පැමිණීම ගැන මෙසේ පවසයි ,

“මම කවදාවත් අනුන් පවසන දේවල් පිටුපස යන්නේ නැහැ ,ඒ ගැන ගැඹුරු ලෙස අධ්‍යයනය කල පසුවයි තීරණයකට එළබෙන්නේ ,ඒ අනුවයි ඉස්ලාමයට පිවිසුනේ .ඉස්ලාම් ගැන අනුන් පවසන දේවල් එලෙසම විශ්වාස නොකර මෙම මුලාශ්‍රයන් සමග අධ්‍යනයක යෙදුනෙමි .හේග් නාගරික කවුන්සිලයේ මා සමග සේවයේ යෙදෙන අබු කෞලනි මෙහිදී මට මහත් ප්‍රයෝජනයක් විය .ඔහු අල් යකින් මස්ජිදය වෙත මා යොමු කරන ලදී.ඉස්ලාමය පිළිබද වැඩි තොරතුරු මාහට ලබා ගත හැකි වුයේ එම මස්ජිදය මගිනි. “

vandoom tweet

ඉස්ලාමය පැමිණි බව ට්විට්ටර් සටහන

විශ්වාශ නොකළ නෙදර්ලන්ත වැසියන්

ආර්නොඩ් ඉස්ලාමය වලදගත්බව පැවසු නමුදු කිසිවෙකුත් එය මුලදී විශ්වාස නොකළේය .ඔවුන් සිතුවේ මෙයද ඉස්ලාමය අපහාස කිරීමට කරන තවත් එක් විහිළුවක් බවය ,නමුත් ඔහු තුලින් මුස්ලිම් වරයෙකුගේ ලක්ෂණ පිටවිය.ඔහු නගර කවුන්සිලයේ සභාපතිට ලියුමක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ තමාට සේවා කාලය තුල තම ආගමික වතාවත්වල යෙදිමට අවසර දෙන ලෙසය .මෙමගින් ඔහු ඉස්ලාමයට පැමිණි බව ස්ථිර විය .

සෞදි ගමන

ඔහු ඉස්ලාමයට පැමිණීමෙන් පසු අප්‍රේල් මස ඔහු සෞදි අරාබියට උම්රා වන්දනය සදහා පිටත් විය ,එහිදී මස්ජිදුන් නබවිහි ඉමාම් වරුන් සමග සාකච්චා කර තම දැනුමද වර්ධනය කරගත්තේය.

Arnoud-van-Doorn-praying

මස්ජිදුල් නබවියෙහි ආගමික වතාවත්වල යෙදෙමින්

 

ආර්නෝල්ඩ් පවසන්නේ

ඉස්ලාමය පැමිණි පසු ඔහු මාධ්‍ය වලට දැක්වූ අදහස් කෙටියෙන් පහත දැක්වේ

“මෙය විශාල තීරණයක්(ඉස්ලාමය පැමිණීම ) ,මෙම තීරණය හදිස්සියේ ගත් එකක් නොවේ ,පහුගිය අවුරුද්දක කාලය තුල මම කුර් ආනය ,හදිසයන්,සුන්නා ,සහ වෙනත් අදාළ දේවල් වලින් අධ්‍යනය කරගෙනයි සිටියේ ,
මම සාමාජික වුනු පක්ෂයේ ඉස්ලාම් විරෝදී ප්‍රචාරයයි මට ඉස්ලාමය ගැන අධ්‍යනය කිරීමට පෙලබුනේ ,ඉස්ලාම් ගැන වැරදි මතයනුයි මට දැනගන්නට ලැබුනේ ,නමුත් මම අනිත් අය පවසන දේ එහෙම පිටින්ම විශ්වාස නොකර අධ්‍යයනයක යෙදුනෙමි .
සමහර මිතුරන්ට අනුව මම ද්‍රෝහියෙකි ,නමුත් බහුතර මිනිසුන්ට අනුව මම ශ්‍රේෂ්ට තීරණයක් තමයි අරන් තියෙන්නේ ,මම අනිත් අය මෙන් වැරදි වැඩියෙන් සිදුකරලා ,එම වැරදි මගින් පාඩම් ඉගෙන ගෙනයි තියෙන්නේ ,මෙම වෙනසට අනුව මම මගේ මාර්ගය සොයාගත්ත බව මට වැටෙහෙනවා. ,මෙය අලුත් ආරම්භයකි .සමහර රාජ්‍ය ආයතනයන් තුල මාව ප්‍රතික්ෂේප වීමක් සිදුවිය හැකිබවත් මා දන්නවා , නමුත් මම අල්ලාහ් වම පමණක් ඒ අවස්ථාවේ විශ්වාශ කරමි .එම අවස්ථා වලදී අල්ලාහ්ගෙන්ම ප්‍රාර්ථනා කරනවා .මම ඉස්ලාමය වැලදගත් පසු මට උදවු කල සියල්ලටම මා ස්තුති වෙනවා “

යයි පැවසිය

http://obataislam.com/wp-content/uploads/2015/06/images-3.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/images-3.jpgAdminකාලීනArnoud Van Doorn,Geert Wilders,අල්ලාහ්,ඉස්ලාම්,උම්රා,දක්ෂිණාංශික,නව මුස්ලිම්,මස්ජිදුන් නබවි,මුහම්මද්,ෆිත්නා
“නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත ,මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ දුතයෙක් වශයෙන් සාක්ෂි දෙමි”,මෙසේ පවසා ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරාගත්තේ නෙදර්ලන්තයේ (ලන්දේසි ජාතික ) අන්ත දක්ෂිණාංශික දේශපාලකයෙකු හා දැඩි ඉස්ලාම් විරෝදියෙක් මෙන්ම,මෑතකදී මුස්ලිම් ලෝකයම කැළඹු නබි තුමාට අපහාස කිරීමට නිර්මාණය කල “ෆිත්නා ” නමැති ඉස්ලාම් විරෝධි...