විද්‍යාඥයින් විසින් වලාකුළු වර්ග අධ්‍යයනය කිරීම තුළින් වැසි වළාකුළු ඇතිවන්නෙත් ඒවායේ හැඩය තීරණය වන්නෙත්, කිසියම් සුළං වර්ග හා වළාකුළු වර්ග සමග සම්බන්ද වූ විශේෂිත පියවර වලින් හා විශේෂිතවූ පිළිවෙලකට බව සොයාගෙන ඇත.

cumulonimbus නොහොත් කැටි වලාකුළු යනු එක්තරා වැසි වලාකුළු වර්ගයකි. කාලගුණ විද්‍යාඥයින් විසින් මෙම වලාකුළු ඇතිවන්නේ කෙසේද? ඒවා මඟින් වැසි, සුළං හා විදුලි කෙටීම් ඇතිවන්නේ කෙසේද? යනාදිය පිළිබඳව අධ්‍යයන සිදුකොට ඇත. එම අධ්‍යයන මඟින් ඔවුන් වර්ෂාව ඇති වීම සඳහා කැටි වැහි වලාකුළු පහත පියවරවල් පසුකළ යුතු බව සොයාගන්නා ලදී.

1). සුළඟ මඟින් වලාකුළු තල්ලුවීමට ලක්වීම.

සුළඟ මඟින් කිසියම් වර්ගයක කුඩා වලාකුළු කොටස් Cumulus Clods නොහොත් කෙටි වලාකුළු ඒකරාශීවන ප්‍රදේශයක් කරා තල්ලු කිරීම හේතුකොට ගෙන, කැටි වැහි වලාකුළු ඇති වීමට පටන් ගනියි. (01හා 02 රූප සටහන් බලන්න)

01 රූපය

01 රූපය:- වලාකුළු ඒකරාශීවන B C හා D ප්‍රදේශ කරා තල්ලුවන වලාකුළු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයකි මේ. මෙහි ඇති ඊතළ සටහන් මඟින් සුළගෙහි දිශාව පෙන්වයි.(The Use of Satellite Pictures in Weather Analysis and Forecasting, Anderson and others,පිටුව 188.)

02 රූපය

02 රූපය:- ක්‍ෂිතිජය ආසන්නයේ පිහිටි වලාකුළු ඒකරාශීවන ප්‍රදේශයක් කරා පාවීයන කුඩා වලාකුළු කොටස් (කැටි වලාකුළු) විශාල සංඛ්‍යාවක් මෙහි දැක්වේ.(Clouds and Storms, Ludlam, plate 7.4.)

2). එකිනෙක එකතු වීම.

ඉන්පසු එම කුඩා වලාකුළු එකට එකතු වී විශාල වලාකුළක් සෑදෙයි.1 (02 හා 03 රූප සටහන් බලන්න)

 

03 රූපය

03 රූපය:- A) එකිනෙක වෙන්ව පවතින කුඩා වලාකුළු කොටස් (කැටි වලාකුළු) B) කුඩා වලාකුළු කොටස් එකට එක්වන විට සෑදෙන විශාල වලාකුළ තුළ ඉහලට තෙරපීමේ බලය වැඩි බැවින් එම වලාකුළ ක්‍රමයෙන් ඉහලට තෙරපීමේ බලය ද වැඩිවේ. එමනිසා එම වලාකුළ ක්‍රමයෙන් ඉහළට එකමත එකක් ලෙස ගොඩගැසෙයි. මෙම රූපයෙහි තිත් සළකුණු මඟින් ජල බිංදු පෙන්නුම් කෙරේ (The Atmosphere, Anthes and others, පිටුව 269)

3).එකමත එක ගොඩගැසීම

කුඩා වලාකුළු එකිනෙක එකතුවී සෑදෙන එම විශාල වලාකුළ තුළ ඉහළට ඇති කෙරෙන තෙරපීම වර්ධනය වෙයි. වලාකුළෙහි පිටත ප්‍රදේශවලට වඩා මධ්‍යට ආසන්න ප්‍රදේශයෙහි මෙලෙස ඉහළට තල්ලු වීමේ බලය අධිකය.1 මෙම ඉහළට තල්ලු වීමේ බලය නිසා වලාකුළු එකමත එක ගොඩ ගැසීමෙන් එම වලාකුළු සිරස් අතට වර්ධනය වීමට පටන්ගනී. (03 (B), 04 හා 05 රූප සටහන බලන්න) මෙලෙස වලාකුළෙහි සිදුවන සිරස් වර්ධනය හේතු කොට ගෙන එම වලාකුළුවලට වායුගෝලයේ වඩාත් සිසිල් ප්‍රදේශ කරා දික්වීමේ අවස්ථාව ලැබෙයි. වැසි බිංදු හා හිම කැට ඇති වීමත්, ඒවායෙහි ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් විශාල වීමත් සිදුවන්නේ මෙම ප්‍රදේශයේදීය. එම ජල බිංදු හා හිම කැට ඒවා දරා සිටින උඩුකුරු තෙරපුමට වඩා බරින් වැඩීවන විට ඒවා වලාකුළුවල සිට වර්ෂාව හෝ හිමකැට වැසි ලෙස වැටීමට පටන් ගනී. 2

04 රූපය

04 රූපය කැටි වලාකුළකි මේ. මෙම වලාකුළ ඉහළට එකමත එක ගොඩ ගැසීමෙන් පසුව එම වලාකුළෙන් වර්ෂාව ඇද හැලෙයි. (Weather and Climate, Bodin, පිටුව 123)

දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසයි.

නියතවශයෙන්ම දෙවියන්වහන්සේ වලාකුළු සෙමින් පාවී යාමට සලසවන බවද පසුව ඒවායේ කැබිලි එකට අමුණා අනතුරුව එය ඝන වලාකුළු ගොඩක් බවට පත්කරන බව නුඹ නොදකින්නෙහිද? එවිට එය අතරින් වැසි වැටෙන්නේ යැයි නුඹ දකින්නේය…….. (අල් කුර්ආනය 24:43)

වලාකුළුවල සම්භවය එහි ව්‍යුහය සහ කාර්‍යභාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමට කාලගුණ විද්‍යාඥයන්ට හැකිවූයේ මෑතකදීය. ඒ සඳහා ගුවන්යානා, චන්ද්‍රිකා, පරිගණක, බැලූන සහ අනෙකුත් දියුණු උපකරණ භාවිතා කිරීමට සිදුවිය.

05 රූපය

05 රූපය කැටි වැහි වලාකුළකි මේ. (A Colour Guide to Clouds, Scorer and Wexler, පිටුව 23)

එහිදී, සුළඟ පිළිබඳව හා එහි දිශාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහාත් වායුගෝලීය පීඩන හා ඒවායේ වෙනස් වීම් නීර්ණය කිරීම සඳහාත් මෙම උපකරණ යොදා ගන්නා ලදී.1

වලාකුළු හා වර්ෂාව පිළිබඳව සඳහන් කිරීමෙන් පසුව පහත වාක්‍ය මඟින් හිම කැට සහ විදුලි කෙටීම් පිළිබඳවද සඳහන් කරයි.

…….තවද අහස්හි කඳුවලින් ( වලාකුළු ) පාන හිම කැට පහළ කරන්නේය. තමාට අභිමත අයට එයින් පහර දෙන්නේය. ඔහු තමාට අභිමත අයගෙන් එය වළක්වන්නේය. තවද එම විදුලි එළිය ඇස් නිලංකාර කරනු ඇත. (අල් කුර්ආනය 24:43)

හිම කැට ඇති කරන මෙම කැටි වැහි වලාකුළු කඳු ආකාරයට අඩි 25,000 සිට 30,000 දක්වා (සැතපුම් 4.7 සිට 5.7 ක් දක්වා)2 වූ උසකට නැගෙන බව කාලගුණ විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඒ පිළිබඳව අල් කුර්ආනයෙහි …….තවද අහස්හි කඳුවලින් ( වලාකුළු ) පාන ගල් වැසි පහළ කරන්නේය. ලෙස සඳහන් කෙරෙයි. (05 රූප සටහන බලන්න)

ඉහත පරිච්ඡේදය මඟින් අප තුළ ප්‍රශ්ණයක් මතු කරයි. හිම කැට වැසි සලකා බලන විට එහි ර්‍විදුළි කෙටීමම ලෙස මෙම පරිච්ඡේදයේ සඳහන් වන්නේ ඇයි ? මෙයින් පැහැදිළි වන්නේ විදුළි කෙටීම ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන සාධකය හිම කැට බවද? Meteorology Today නම් ග්‍රන්ථයෙහි මේ පිළිබඳව කුමක් සඳහන් වී ඇත් දැයි බලමු. වලාකුළු වල ඇති අධි ශීතලට ලක් වූ ජල බිඳිති හා අයිස් ස්ඵටික සහිත එක්තරා ප්‍රදේශයක් හරහා හිම කැට පතනය වන විට වලාකුළු විද්‍යුත් ආරෝපනයට ලක්වෙයි. ජල බිඳිති හිම කැට සමග ගැටෙන විට එම ජල බිඳිති ගුප්ත තාපය පිට කරමින් මිදීමට ලක්වෙයි. මෙම තාපය මඟින් එම හිම කැටයෙහි මතු පිට පෘෂ්ඨයෙහි උණුසුම එය වටා පවතින අයිස් ස්ඵටිකයක් හා ස්පර්ශ වන විට ඉතාමත් වැදගත් දෙයක් සිදුවෙයි. සිසිල් වස්තුවක සිට උණුසුම් වස්තුවක් කරා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිදුවෙයි. එම නිසා හිම කැටය ඍන ලෙස ආරෝපනය වෙයි. අධික ලෙස සිසිල් වූ ජල බිඳිති හිම කැටයක් සමග ස්පර්ශ වන විටද ඉහත සිදුවීම සිදුවන අතර මෙහිදී ධන ලෙස ආරෝපනය වූ ඉතා කුඩා අයිස් පතුරු කැඩී විසිරෙයි. බරින් ඉතාමත් සැහැල්ලු වන ධන ආරෝපිත මෙම කුඩා අයිස් පතුරු වලාකුළෙහි ඉහළට ඇති කරන තෙරපුම හේතු කොට ගෙන වලාකුළෙහි ඉහළ කොටස කරා ගමන් කරයි. ඍන ලෙස ආරෝපනය වී පවතින හිම කැට වලාකුළෙහි පහළ කොටස කරා ගමන් කරන අතර එමඟින් වලාකුළෙහි පහළ කොටස ඍන ලෙස ආරෝපනය වෙයි. මෙම ඍන ආරෝපනයන් විදුලි කෙටීම ලෙස ඉවත්ව යයි. එබැවින් හිම කැට යනු විදුලි කෙටීම ඇති වීම සඳහා අවශ්‍යවන ප්‍රධාන සාධකය බව මේ මඟින් අපහට නිගමනය කළ හැක. 1

 

ආරෝපිත වලාකුළු

ආරෝපිත වලාකුළු

විදුලි කෙටීම පිළිබඳව මෙම තොරතුරු සොයා ගන්නා ලද්දේ මෑත කාලයේදීය. ක්‍රි.ව. 1600 වන තුරු කාලගුණ විද්‍යාව පිළිබඳව ප්‍රධාන වශයෙන් පිළිගැණුනේ ඇරිස්ටෝටල්ගේ අදහස්ය. වායුගෝලය සමන්විත වන්නේ තෙත් සහ වියළි යන වර්ග දෙකක වාතයන්ගෙන් වන අතර එලෙස පවතින වියළි වාතය අසල පිහිටි වලාකුළක ගැටෙන ශබ්ධය අහස ගෙරවීමේ හ’ වන අතර විදුලිය කෙටීම යනු එම වියළි වාතය ඉතාමත් තුනී දැල්ලක් සහිතව ගිනිගෙන මෙම දැවෙන බවයි. එකළ පිළිගැනුනේ.2 මෙම  අදහස් දැනට සියවස් දහ හතරකට පෙර අල් කුර්ආනය පහළ වන කාලයේ කාලගුණ විද්‍යාවෙහි මූලික ලෙස පිළිගැණුන අදහස් වලින් සමහරකි.

 

 

 

 

Footnotes:

(1) See The Atmosphere, Anthes and others, pp. 268-269, andElements of Meteorology, Miller and Thompson, p. 141.

(2) The updrafts near the center are stronger, because they are protected from the cooling effects by the outer portion of the cloud.

(3) See The Atmosphere, Anthes and others, p. 269, and Elements of Meteorology, Miller and Thompson, pp. 141-142.

(4) See Ee’jaz al-Quran al-Kareem fee Wasf Anwa’ al-Riyah, al-Sohob, al-Matar, Makky and others, p. 55.

(5) Elements of Meteorology, Miller and Thompson, p. 141.

(6) Meteorology Today, Ahrens, p. 437.

(7) The Works of Aristotle Translated into English: Meteorologica, vol. 3, Ross and others, pp. 369a-369b.

source:-A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com)ඇසුරිනි

http://obataislam.com/wp-content/uploads/2015/06/cloud.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/cloud-300x300.jpgAdminවිද්‍යාවcumulonimbus,Cumulus Clods,Meteorology Today,The Atmosphere,අල් කුර්ආනය,ඇරිස්ටෝටල්,ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I,ඉස්ලාම් පිලිබඳ අවබෝධයකට රූපිත මග පෙන්වීමක්,වලාකුළක්,වලාකුළු,වැසි,විද්‍යාඥයින්,විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්,විද්‍යුත් ආරෝපන,විදුළි කෙටීම
විද්‍යාඥයින් විසින් වලාකුළු වර්ග අධ්‍යයනය කිරීම තුළින් වැසි වළාකුළු ඇතිවන්නෙත් ඒවායේ හැඩය තීරණය වන්නෙත්, කිසියම් සුළං වර්ග හා වළාකුළු වර්ග සමග සම්බන්ද වූ විශේෂිත පියවර වලින් හා විශේෂිතවූ පිළිවෙලකට බව සොයාගෙන ඇත. cumulonimbus නොහොත් කැටි වලාකුළු යනු එක්තරා වැසි වලාකුළු වර්ගයකි. කාලගුණ විද්‍යාඥයින් විසින් මෙම වලාකුළු ඇතිවන්නේ කෙසේද? ඒවා මඟින් වැසි,...