මෙම පරිච්ඡේදය අවසානයේදී ඉස්ලාමයෙහි සත්‍යතාවය පිළිබඳව එක් වැදගත් දර්ශනයක් හුවා දැක්විම සුදුසුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත්ම වේගයෙන් පැතිර යන ධර්මය ඉස්ලාමය බව සැවොම දනිති. මේ පිළිබඳව කරන ලද නිරීක්ෂණයන් කිහිපයක් පහත දක්වා ඇත.

  • “ඉස්ලාමය යනු ඇමරිකාවෙහි වේගයෙන්ම පැතිර යන ධර්මය වන අතරම, එය අපගේ මිනිසුන් බොහෝ දෙනෙකුට මග පෙන්වන ස්ථාවරත්වයේ කුළුණකි….” (හිලරි රොදම් ක්ලින්ටන්, ලොස් ඇන්ජලිස් ටයිම්ස්)1
  • “මුස්ලිම්වරුන් යනු ලොව වේගයෙන්ම වර්ධනය වන කණ්ඩායමයි….” (ජනගහණ සංගණන මණ්ඩලය, යූ එස් ඒ ටුඩේ)2
  • ඉස්ලාමය යනු රටෙහි ඉතාමත්ම සිඝ්‍රයෙන් වර්ධනය වන දහමයි….” (ජෙරල්ඩින් බෝම් නිවුස් ඩේ හි ධර්මය පිළිබඳව ලේඛක, නිවුස් ඩේ)3
  • “ඉස්ලාම්, එක්සත් ජන පදයෙහි වේගයෙන්ම වර්ධනය වන ධර්මයයි…” (එරි එල් ගෝල්ඩ්මන් නිව්යෝර්ක් ටයිම්ස්)

මෙම සංසිද්ධීන් මඟින් ඉස්ලාමය යනු සත්‍ය වශයෙන්ම දෙවියන්වහන්සේගෙන් ලද ධර්මයක් බව පෙන්නුම් කරයි. ඉතාමත් හොඳින් සැළකිලිමත් නොවී ඉතාමත් ගැඹුරින් කල්පනා කර නොබලා ඉස්ලාමය සත්‍යයක් බව නිගමනය නොකොට මෙතරම් ඇමරිකානුවන් පිරිසක් ඉස්ලාමය වැළඳගනු ඇතැයි සිතීිම අසාධාරණය. මෙම ඇමරිකානුවන් විවිධ වූ ජාතින් වලට හා විවිධ සමාජ මට්ටම් වලට අයත් වූවන් සේම විවිධ රැකියාවල නියුක්තවන්නන්ද වෙයි. එයට විද්‍යාඥයන්, මහාචාර්යවරුන්, දාර්ශනිකයන් සේම මාධ්‍යවේදීන්ද ඇතුළත්ය.

කුර්ආනය යනු දෙවියන්වහන්සේගේම වදන් බවත් මුහම්මද් තුමාණන් සත්‍ය වශයෙන්ම දෙව්යන්වහන්සේ විසින් එවන ලද දෙවියන්ගේ වක්තෘවරයෙකු බවත් ඉස්ලාමය යනු සත්‍ය වශයෙන්ම දෙවියන්වහන්සේගෙන් ලද ධර්මයක්ම බවත් විශ්වාස කිරීම සඳහා මෙම පරිච්ඡේදයෙහි අඩංගු වූ කරුණු සාක්ෂි සමහරක් සපයන බව සැලකිය හැක.

Footnotes:

1) Larry B. Stammer, Times Religion Writer, “First Lady Breaks Ground With Muslims,” Los Angeles Times, Home Edition, Metro Section, Part B, May 31, 1996, p. 3.

(2) Timothy Kenny, “Elsewhere in the World,” USA Today, Final Edition, News Section, February 17, 1989, p. 4A.

(3) Geraldine Baum, “For Love of Allah,” Newsday, Nassau and Suffolk Edition, Part II, March 7, 1989, p. 4.

(4) Ari L. Goldman, “Mainstream Islam Rapidly Embraced By Black Americans,” New York Times, Late City Final Edition, February 21, 1989, p. 1.


 A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com)ඇසුරිනි

http://obataislam.com/wp-content/uploads/2015/06/fastest.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/fastest-300x300.jpgAdminකාලීනඇමරිකා එක්සත් ජනපදය,ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I,ඉස්ලාම්,දාර්ශනිකයන්,ධර්මය,නිව්යෝර්ක් ටයිම්ස්,නිවුස් ඩේ,මහාචාර්යවරුන්,මුස්ලිම්,යූ එස් ඒ ටුඩේ,ලොස් ඇන්ජලිස් ටයිම්ස්,විද්‍යාඥයන්,වේගය,හිලරි රොදම් ක්ලින්ටන්
මෙම පරිච්ඡේදය අවසානයේදී ඉස්ලාමයෙහි සත්‍යතාවය පිළිබඳව එක් වැදගත් දර්ශනයක් හුවා දැක්විම සුදුසුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත්ම වේගයෙන් පැතිර යන ධර්මය ඉස්ලාමය බව සැවොම දනිති. මේ පිළිබඳව කරන ලද නිරීක්ෂණයන් කිහිපයක් පහත දක්වා ඇත. “ඉස්ලාමය යනු ඇමරිකාවෙහි වේගයෙන්ම පැතිර යන ධර්මය වන අතරම, එය අපගේ මිනිසුන් බොහෝ දෙනෙකුට මග පෙන්වන ස්ථාවරත්වයේ...