එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන් කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා  ඝනත්වයන් ඇත.2 උදාහරණයක් ලෙස මධ්‍යධරණී  මුහුද ගත් විට එහි ජලය  අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා උණුසුම් වූද, ලවණතාව අධික වූද, අඩු  ඝනත්වයක් ද ඇති ජලය වේ. මධ්‍යධරධණි මුහුදේ ජලය ගිබ්‍රුල්ටා විවරය මඟින් කිලෝමීටර් සිය ගණනක් දුරටත්, මීටර් දහසක් පමණ ගැඹුරටත් අත්ලාන්තික් සාගරය තුළට ඇතුළු වන්නේ එයටම ආවේනික  උෂ්ණත්වය, ලවණතාවය, හා අඩු ඝනත්වය යන ලක්ෂණ  සමගය .

මෙම ගැඹුරේදී මධ්‍යධරණි  ජලය සමතුලිතතාවයට පත්වේ. 1 ( 1 රූපය බලන්න.)

1රූපය

1රූපය:- මුහුදු එකිනෙකට වෙන් කරන බාධකය හේතුකොට ගෙන මධ්‍යධරණි මුහුදේ ජලය ගිබ්‍රුල්ටා විවරය හරහා අත්ලාන්තික් සාගරයට ගමන්කරන විට එයටම ආවේණික උණුසුම, ලවණතාවය, හා අඩු ඝනත්වයකින් පවතී. උෂ්ණත්වය සෙල්සියස් අංශක(C0) වලිනි.(Marine Geology,Kuenen,පිටුව 43, with a slight enhancement.)

මෙම සාගරවල අති විශාල තරංග (රළ) සැඩ සුළි හා වඩ හා බාදිය යනාදිය තිබුනත් ඒවා එකිනෙක මිශ්‍ර වන්නෙවත්, මෙම බාධකය කැඩී යන්නෙවත් නැත. මුහුදු දෙකක් හමුවන තැන බාධකයක් තිබෙන බවත්, එය විනාශ වී නොයන බවත් අල් කුර්ආනයේ සඳහන්ව ඇත. දෙවියන්වහන්සේ මෙසේ පවසයි.

ඔහු මුහුදු දෙකක් එකිනෙකට සංකලනය වීමට සැලැස්සුවේය. එහෙත් ඒවා අතර බාධකයක් ඇත. එය ඒවා අබිභවා නොයයි. (අල් කුර්ආනය 55:19-20)

එහෙත් කුර්ආනය මිරිදිය හා කරදිය අතර ඇති බෙදීම ගැන කතා කරන විට එහි “අනවතරණිය බෙදුම” ලෙස බාධකය හඳුන්වා ඇත..

අල් කුර්ආනයේ දෙවියන්වහන්සේ මෙසේ පවසයි.

ඔහුමය වර්ග දෙකක ජලය ඇති කළේ. එකක් මිරිදියය, බීමට හැකිය. අනික කරදියය, ලුණු රසැති හා තිත්තය. ඔහු ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කළේය. එය අතවරණිය  (තරණය කළ නොහැකි) බාධකයකි. (අල් කුර්ආනය 25:53)

අල් කුර්ආනයෙහි මිරිදිය හා කරදිය වෙන් කිරීම ගැන කතා කරන විට, බෙදුම් කලාපයක් ගැන කතා කළත් මුහුදු දෙකක් අතර ඇති බෙදුම ගැන කතා කරන විට එසේ කතා නොකළේ ඇයි ? යනුවෙන් කෙනෙකුට ඇසිය හැක. නවීන විද්‍යාව මඟින් සොයා ගත් ආකාරයට කලපුවල, එනම් කරදිය හා මිරිදිය මිශ්‍ර වන තැන ඇති තත්වය, මුහුදු දෙකක් මිශ්‍ර වන තැන ඇති තත්වයට වඩා ස්වල්පයක් වෙනස්ය. කළපුවලදී කරදිය හා මිරිදිය අතර වෙනස්කම “ස්ථර දෙකක් අතර ඝනත්ව වෙනස පැහැදිලිව පෙනෙන කලාපයක්ම”(pycnocline zone)ලෙස සොයාගෙන ඇත.මෙම බෙදුම් කලාපයේ ඇති ජලයේ, කරදිය හා මිරිදියට වඩා වෙනස් ලවණතාවයක් දක්නට ලැබේ.2 ( 2 රූපය )

2 රූපය

2 රූපය:-කළපුවක ලවණතාවය (දාහකට කොටස් 0/00 ක් ලෙස) පෙන්වන දික්කඩක්. කරදිය හා මිරිදිය අතර දක්නට ලැබෙන බෙදුම් කලාපය අපට මෙහිදී දැකගත හැකිය.(Introductory Oceanog-raphy, Thurman, පිටුව . 301, with a slight enhancement.)

මෙම තොරතුරු ඉතා මෑතකදී සොයාගත් අතර ඒ සඳහා ඉතා නවීන උපකරණ යොදගෙන උෂ්ණත්වය, ලවණතාවය, හා ඝනත්වය, ඔක්සිජන් දියවන ප්‍රමාණය වැනි බොහෝ දේ මැන ගැනීමට සිදුවිය. එකිනෙක හමුවන මුහුදු දෙකක් අතර ඇති වෙනස පියවි ඇසකින් දැකිය නොහැකි අතරම අපට මුහුදු දෙකම එකම මුහුදක් ලෙස පමණක් දැකිය හැක. එලෙසම කළපුවකදී ජලය කොටස් තුනකට බෙදීමද පියවි ඇසකින් දැකිය නොහැක. මේ කොටස් තුන නම් මිරිදිය, කරදිය, හා බෙදුම් කලාපයයි.

Footnotes:

(1) Principles of Oceanography, Davis, pp. 92-93.

(2) Principles of Oceanography, Davis, p. 93.

(3) Oceanography, Gross, p. 242.  Also see Introductory Oceanography, Thurman, pp. 300-301.

(4) Oceanography, Gross, p. 244, and Introductory Oceanography, Thurman, pp. 300-301.

http://obataislam.com/wp-content/uploads/2015/06/ch1-1-e-img1.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/ch1-1-e-img1-300x192.jpgAdminවිද්‍යාවOceanography,Principles of Oceanography,අත්ලාන්තික් සාගරය,අල් කුර්ආනය,ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I,ඉස්ලාම් පිලිබඳ අවබෝධයකට රූපිත මග පෙන්වීමක්,කරදිය,මිරිදිය,මුහුදු,ලවණතාව,විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්,විද්‍යාව
එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන් කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා  ඝනත්වයන් ඇත.2 උදාහරණයක් ලෙස මධ්‍යධරණී  මුහුද ගත් විට එහි ජලය  අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා...