ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී.

ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් කිහිපයක්

(1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම

 

අල්ලාහ් ගේ නාමයන්

අල්ලාහ් ගේ නාමයන්

මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු කෙනෙකුට නැමදුම් ලැබීමේ  අයිතිය නොමැති බවද විශ්වාස කරති. සැබෑ දෙවියන් වන්නේ ඔහුම පමණක්ම වන අතර අන් සියලුම දෙවිවරුන් ව්‍යාජ දෙවිවරුන්වෙි. ඔහුට ඉතාමත් උතුම් වූ නාමයන් ඇති අතර ඔහුට ඉතා උසස්, කිසිඳු අඩු ලුහුඩු කමකින් තොර වූ සර්ව සම්පූර්ණ ගුණාංගයන් ඇත. කිසිවෙකුත් ඔහුගේ දේවත්වයේ හෝ ගුණාංගවල හවුල් කරුවෙකු නොවේ.

අල් කුර්ආනයෙහි දෙවියන්වහනසේ තමා පිළිබඳව මෙසේ විස්තර කරයි.

පවසන්න ! දෙවියන්වහන්සේ එක්කෙනෙකි. දෙවියන්වහන්සේ අවශ්‍යතාවයන්ගෙන් තොර වු කෙනෙකි. ඔහුට දාව කිසිකෙනෙකු ඉපදුනේ නැත. ඔහු කිසිවෙකුට දාව ඉපදුනේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකු නැත. (අල් කුර්ආනය 112:1-4)

විචිත්‍ර අක්‍ෂර කලාවෙන් ලියන අල්කුරානයෙහි 112 පරිච්ඡේදය

විචිත්‍ර අක්‍ෂර කලාවෙන් ලියන අල්කුරානයෙහි 112 පරිච්ඡේදය

දෙවියන්වහන්සේව හැර අන් කිසිඳු අයෙකුව යැදීම හෝ අන් කිසිඳු අයෙකුට ආයාචනා කිරීම හෝ යාච්ර්ය කිරීම හෝ වන්දනාමාන කිරීමේ කිසිඳු ක්‍රියාවලියකට බඳුන්වීමට කිසිඳු හිමිකමක් නොමැති අතර එම හිමිකම ඇත්තේ දෙවියන්වහන්සේට පමණි. සර්වබලධාරී වන්නේත්, මැවුම්කරුවාණන් වන්නේත්, පරමාධිපති වන්නේත් දෙවියන්වහන්සේම පමණක්ම වන අතර සකළ විශ්වයෙහිම පෝෂකයාණන් වන්නේද ඔහුමය. ඔහු සියලුම දෑ පාලනය කරයි.

ඔහුගේ කිසිඳු නිර්මාණයකින් ඔහුට කිසිඳු අවශ්‍යතාවක් නොමැති අතරම, ඔහුගේ නිර්මාණයන් සියල්ල ඔවුනට අවශ්‍ය සියලුම දේවල් දෙවියන්වහන්සේගෙන් බලාපොරොත්තු වේ. ඔහුමය සියල්ල අසන්නා, සියල්ල දකින්නා, සියලුම දෑ දැන සිටින්නා. සර්ව සම්පූර්ණ ලෙසම පැවසුවහොත්, ඔහුගේ දැනුම සැඟව පවතින හා එළිපිට පවත්වන්නාවූද, පොදු හා පෞද්ගලික වූද සියලුම දේ අභිබවයි. සිදු වූ සියල්ල ඔහු දන්නේය. එසේම, අනාගතයේ සිදු වන සියලු දේවල් ද, ඒවා කෙසේ සිදු වේද යන්නද ඔහු දනී. ඔහුගේ කැමැත්තකින් තොරව මෙලොව කිසිඳු දෙයක් සිදු නොවේ. ඔහු කැමති ඕනෑම දෙයක් සිදු වේ. ඔහු අකැමති ඕනෑම දෙයක් සිදු නොවෙනවා සේම ඒවා කිසිඳු දිනෙක සිදු වන්නේද නැත. ඔහුගේ කැමැත්ත අන් සියලුම ජීවීන්ගේ කැමැත්තට වඩා ඉහළින් පවතී. ඔහුට සියලූම දෑ කෙරෙහි බලය ඇත. එසේම ඔහුට සෑම දෙයක්ම කිරීමෙි හැකියාවද ඇත. ඉතාම දයාබර වන්නේද, ඉතාමත් කරුණාවන්ත වන්නේද, ඉතාමත්ම ත්‍යාගශීලි වන්නේද ඔහුමය. මුහම්මද් තුමාණන් ගේ ප්‍රකාශයන්ගෙන් එකකදී දෙවියන් තම මැවීම් කෙරෙහි දක්වන කරුණාව මවක ඇගේ දරුවාට දක්වන කරුණාවටද වඩා ඉතා අධික බව අප හට පවසා ඇත.1 දෙවියන්වහන්සේ අයුක්තියෙන් හා කෘර බවින් තොරය. ඔහුගේ සියලු ක්‍රියාවන්හිදීත්, ඔහුගේ සියලු නියෝගයන්හිදීත් ඔහු සියල්ල දන්නේය, ඉතාමත් බුද්ධිමත්ය. යමෙකු හට දෙවියන්වහන්සේගෙන් කිසියම් දෙයක් අවශ්‍ය නම්, ඔහුට හෝ ඇයට දෙවියන්වහන්සේ ඉදිරියේ තමා වෙනුවෙන් මැදිහත් වන්න යැයි අන් අයගෙන් ඉල්ලීම් නොකොට, තම අවශ්‍යතාවය සෘජුවම ඔහුගෙන් ඉල්ලීමට හැක.

දෙවියන්වහන්සේ යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේවත්, ක්‍රිස්තුස්වහන්සේ යනු දෙවියන්වහන්සේවත් නොවෙි2. ක්‍රිස්තුස්වහන්සේ පවා මෙය ප්‍රතික්ෂේප කොට තිබෙයි.

අල් කුර්ආනයෙහි දෙවියන්වහන්සේ මෙසේ පවසා ඇත.

මරියම්ගේ පුත්‍රයා මසීහ් නියතවශයෙන්ම දෙවියන්වහන්සේ යැයි පැවසූ අය සැබවින්ම අවිශ්වාසවන්තයින් වේ. ඉස්රායිල් දරුවනි ! මාගේ ස්වාමිවූද, නුඹලාගේ ස්වාමිවූද (එකම) දෙවියන්වහන්සේ නමදිනු. නියතවශයෙන්ම දෙවියන්වහන්සේට ආදේශයක් තබන්නන්ට දෙවියන්වහන්සේ ස්වර්ගය තහනම් කරන ලදී. ඔවුන්ගේ නිවහන අපාය වේ. (මෙවැනි) වැරදිකාරයින්ට3 කිසිවෙකු පිහිට වන්නේ නැතැයි මසීහ් පැවසූහ. (අල් කුර්ආනය 5: 72)

දෙවියන් යනු ත්‍රිත්වයක් නොවන බවට දෙවියනවහන්සේ් අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.

නියතවශයෙන්ම දෙවියන්වහන්සේ තිදෙනාගෙන් තුන්වැන්නා යැයි කිවූ අය සැබැවින්ම අවිශ්වාසවන්තයින් වේ. එකම දෙවියෙකු හැර වෙනත් දෙවියන් නැත. ඔවුන් කියන දෙයින් ඔවුන් නොවැළකුණහොත් ඔවුන්ගෙන් අවිශ්වාසවන්තයින්ට වේදනීය දඬුවම්  ලැබෙනු ඇත. එබැවින් ඔවුන් දෙවියන්වහන්සේ වෙත හැරී ඔවුහු (කළ පාපයන්ට) පසුතැවිලි වී ඔහුගෙන් සමාව ඇයදිය යුතු නොවේද? දෙවියන්වහන්සේ බෙහෙවින් ක්‍ෂමාශිලිය . අසීමිත කරුණාවන්තය. මරියම්ගේ පුත් මසීහ් වක්තෘවරයෙකු මිස (වෙන කෙනෙකු) නොවීය. (අල් කුර්ආනය 5: 73-75)

මැවීමෙහි සත්වන දිනයේදී දෙවියන් විවේක ගැනීම, මනුෂ්‍ය වර්ගයාට එරෙහිව ඊර්ෂ්‍යා සහගත කුමන්ත්‍රණයක් සිදු කළ තම දේව දූතයෙකු සමග දෙවියන් පොර බැදීම හෝ දෙවියන් ඕනෑම මනුෂ්‍යයෙකු තුළ ජීවමානව වැඩ සිටීම යනාදිය ඉස්ලාමය ප්‍රතික්ෂේප කරයි. එසේම, දෙවියන්වහන්සේට කිසිඳු ආකාරයක මනුෂ්‍ය ස්වරූපයක් ආරෝපණය කිරීමද ඉස්ලාමය ප්‍රතික්ෂේප කරයි. මේ සියලුම දේ දෙවියන්වහන්සේට අවමන් කිරීම් ලෙස සැලකේ. දෙවියන්වහන්සේ ඉතා උත්කෘෂ්ඨය. ඔහු සියලුම ආකාරයේ අසම්පූර්ණතාවයන්ගෙන් තොර වූවකි. ඔහු කිසිඳු දිනක වෙහෙසට පත් නොවෙි. ඔහු කෙදිනක වත් නිදිබර වන්නේද නිදන්නේද නැත.

“අල්ලාහ්”නම් අරාබි වචනයෙහි අර්ථය දෙවියන්වහන්සේ (සකළ විශ්වයම මවන ලද එකම හා සත්‍ය වූ දෙවියන්වහන්සේ) යන්නයි. මෙම “අල්ලාහ්” නම් අරාබි වචනය අරාබි භාෂාව කථා කරන්නන් අතර අරාබි මුස්ලිම්වරුන් සේම අරාබි ක්‍රිස්තියානි භක්තිකයන්ද දෙවියන්වහන්සේව අමතන ආකාරයයි. මෙම වචනය ඒකිය වූ හා සත්‍ය වූ දෙවියන්වහන්සේගේ නාමයක් ලෙස මිස අන් කිසිවක් නම් කීරීමට යොදා ගත නොහැක.‘අල්ලාහ්’ නම් වචනය අල් කුර්ආනයෙහි 2150 වාරයකටත් වඩා වැඩි වාර ගණනක් සඳහන්ව පවතී. අරාබි භාෂාවට බොහෝ දුරට සමානතා සහිත එසේම, ක්‍රිස්තුස් වහන්සේ පුරුද්දක් ලෙස කථා කරන ලද ඇරමෙයික්4 නම් භාෂාවේද දෙවියන්වහන්සේව අල්ලාහ් යනුවෙන් හඳුන්වා ඇත.

(2) දේවදූතයන් පිළිබඳව විශ්වාස කිරීම.

දේවදූතයන්ගේ (සුරදූතයන්)පැවැත්ම සත්‍ය බවත්, ඔවුන් උතුම් වූ මැවීමක් බවත්, මුස්ලිම් භක්තිකයින් විශ්වාස කරති. දේව දූතයන් දෙවියන්වහන්සේව පමණක් නමදිති. දෙවියන්වහන්සේ්ට කීකරු වෙති. එසේම දෙවියන්වහන්සේගේ අණ අනුව පමණක් ක්‍රියා කරති. මුහම්මද් තුමාණන් කරා අල් කුර්ආනය රැගෙන ආ ජිබරායීල් (ගේබ්‍රයෙල්) ද දේවදූතයන්ගෙන් කෙනෙකි.

(3) දෙවියන්වහන්සේ විසින් හෙළිදරව් කරන ලද පුස්තකයන් පිළිබඳව විශ්වාස කිරීම.

දෙවියන්වහන්සේ විසින් මිනිසාට මග පෙන්වීමක් ලෙස හා මිනිස් වර්ගයාට ලබාදුන් සාධකයක් ලෙස මෙම පුස්තකයන් ඔහුගේ පණිවිඩකරුවන්ට ලබා දුන් බව මුස්ලිම් භක්තිකයින් විශ්වාස කරයි. මෙම පුස්ථකයන් අතර, දෙවියන්වහන්සේ විසින් තම වක්තෘවරයෙකු වන මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලද කුර්ආනයද වෙයි. අල් කුර්ආනය කිසිඳු වෙනස් කමක් කිරීමකට හෝ කිසිඳු විකෘති වීමකට ලක් නොවී ආරක්ෂා කරන බවට දෙවියන්වහන්සේ විසින් සහතික වී ඇත.

දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට,

අපමය මෙම අල් කුර්ආනය (ධර්මෝපදේශය) පහළ කළේ. තවද එය ආරක්‍ෂා  කරන්නේද අපමය. (අල් කුර්ආනය 15:9)

(4) දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් සහ වක්තෘවරුන් පිළිබඳව විශ්වාස කිරීම

ආදම්ගෙන් ආරම්භ වී, නෝවාද ඇතුළුව ආබ්රහම්, ඉෂ්මයිල් , ඊසාක්, ජේකෝබි, මෝසස් හා යේසුස් (ඔවුන් හට සාමය අත් වේවා!) වැනි වූ වක්තෘවරුන් සහ දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් ගැන මුස්ලිම්වරුන් විශ්වාස කරති. නමුත් දෙවියන්වහන්සේගේන් මිනිසාට ලැබුණ අවසාන පණිවුඩය එනම් සදාකාලික වූ පණිවිඩය නැවතත් සහතික කිරීමක් ලෙස වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදි. මුහම්මද් තුමාණන් යනු දෙවියන්වහන්සේ විසින් එවන ලද අවසාන වක්තෘවරයා යැයි දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයටම මුස්ලිම්වරුන් විශ්වාස කරති.

මුහම්මද් නුඹලාගේ කිසිවෙකුගේ පියා නොවේ. ඔහු දෙවියන්වහන්සේගේ වක්තෘවරයා වේ. තවද ඔහු වක්තෘවරුන්ගෙන් අවසාන වක්තෘවරයා වේ… (අල් කුර්ආනය 33:40)

සියලුම ධර්මදූතයන් හා වක්තෘවරුන් මවනු ලැබූ මනුෂ්‍යයන් බවත්, ඔවුන් කිසිවෙකුටත් දෙවියන්වහන්සේ සතු දිව්‍යමය ගුණාංගයන් කිසිවක් පිහිටා නොමැති බවත් මුස්ලිම්වරුන් විශ්වාස කරති.

(5) විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම

මිනිසුන්ගේ විශ්වාසයන්ට හා ක්‍රියාවන්ට අනුව දෙවියන්වහන්සේගේ විනිශ්චය ලබා දීම සඳහා ඔවුන්ව මළවුන්ගෙන් නැගිටවනු ලබන විනිශ්චය දිනය (මළවුන්ගෙන් නැගිටවනු ලබන දිනය) පිළිබඳව මුස්ලිම් වරුන් විශ්වාස කරති.

(6) අල් – කදර් පිළිබඳව විශ්වාස කිරීම

මුස්ලිම් භක්තිකයින් අල්කදර් පිළිබඳව විශ්වාස කරති. එනම්, දෙවියන්වහන්සේ විසින් කලින් නියම කළ පරිදි දෛවයෙන් නියම වූ ආකාරයට සියලුම දේ සිදු වන බව විශ්වාස කරති. මෙයින් අදහස් වන්නේ මිනිසාට තනි කැමැත්තකින් කිසිවක් කළ නොහැකි බව නොවේ එනම් දෙවියන්වහන්සේ විසින් මිනිසාට ස්ව කැමැත්ත සඳහා ඉඩ දී ඇති බවත් ඔවුනට නිවැරදි හෝ වැරදි දෑ තෝරා ගත හැකි අතර ඔවුන්ගේ තේරීමට ඔවුන් වග කිව යුතු බවත්, මුස්ලිම්වරුන් විශ්වාස කරති. දෙවියන්වහන්සේගේ පෙර නියමයන්ට අනුව සියල්ල සිදු වන බව විශ්වාස කිරීම යන්නට කරුණු හතරක් අඩංගු වෙයි.

  • (1) දෙවියන්වහන්සේ සියල්ල දනී. සිදු වූයේ කුමක්ද යන්නත් ඔහු දනී.
  • (2) සිදු වී අවසන් වූ සියලු දේද, සිදුවන්නට යන සියලු දේද, දෙවියන්වහන්සේ සටහන් කර ඇත.
  • (3) දෙවියන්වහන්සේ විසින් සිදු විය යුතු යැයි සිතන්නේ කුමක්ද, එය සිදු වෙයි. ඔහු සිදු විය යුතු නොවේ යැයි සිතන කිසිවක් සිදු නොවෙයි.
  • (4) දෙවියන්වහන්සේ යනු සියලුම දෑහි මැවුම් කරුවාය.

 අල් – කුර්ආනය හැර වෙනත් ශුද්ධ වූ ප්‍රභවයන් කිසිවක් තිබේද?

ඔව්. සුන්නාහ් (වක්තෘ මුහම්මද් ﷺතුමාණන් ප්‍රකාශ කළ, සිදු කරන ලද හා අනුමත කරන ලද දෑ) යන්න ඉස්ලාමයෙහි දෙවන ප්‍රභවයයි. සුන්නාහ්, හදිස් වලින් සමන්විත වන අතර ඒවා වක්තෘ මුහම්මද් තුමාගේ අනුගාමිකයන් විසින් ඉතා විශ්වාසදායි ලෙස වාර්තා කරන ලද එතුමාණන් පැවසූ, කරන ලද හා අනුමත කරන ලද දේවල්ය. සුන්නාහ් පිළිබඳව විශ්වාස කිරීම ඉස්ලාමයෙහි මූලික විශ්වාසයකි

Foot notes
(1) සඳහන් වී ඇත්තේ සහීහ් මුස්ලිම් ඃ 2754 සහ සහීහ් අල් බුහාරි ඃ17357

(2) 1984 ජූනි 25 දින ලන්ඩන්හි ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය විසින් වාර්ථා කරන ලද ආකාරයට රූපවාහිනී වැඩසටහනක් මගින් විමසීමකට ලක් කිරීමේදී ඇංග්ලිකන් බිෂොප්වරුන්ගෙන් බහුතරය ප්‍රකාශ කොට තිබුණේ ර්‍යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් බව විශ්වාස කිරීම අනිවාර්‍ය කොට නොමැතම යනුවෙනි. එන්ගලන්තයේ බිෂොප්වරුන් 39 දෙනෙකුගෙන් 31 දෙනෙක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කළහ. එම වාර්ථාව මගින් තව දුරටත් විස්තර කරන ආකාරයට බිෂොප්වරුන් 31 දෙනාගෙන් 19 දෙනෙකු ප්‍රකාශ කළේ ර්‍ක්‍රිස්තුස්වහන්සේව දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයාම ලෙස සැළකීම ප්‍රමාණවත් බවයි. මෙම ඡන්ද විමසීම සිදුකරන ලද්දේ ලන්ඩන්හි ර්‍සති අන්ත රූපවාහිනයේම සතිපතා විකාශය වන Credo නැමැති ආගමික වැඩසටහනෙනි.

(3) මෙම වැරදිකාරයින්ට, බහුදේවවාදීන්ද අයත් වේ.

(4) NIV Compact Dictionary of the Bible, Douglas පිටුව.42

A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com)ඇසුරිනි

http://obataislam.com/wp-content/uploads/2015/06/what-is-islam.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/what-is-islam-300x300.jpgAdminඉස්ලාමය හැදින්වීමislam in sinhala,islam yanu kumakda,islamyanukumakda,what is islam,අරාබි,අල් – කදර්,අල් කුර්ආනය,අල්ලාහ්,ආදම්,ආබ්රහම්,ඉෂ්මයිල්,ඊසාක්,ජේකෝබි,දෙවියන්වහන්සේ,දේවදූතයන්,ධර්මෝපදේශය,නෝවා,මුහම්මද්,මෝසස්,යේසුස්,විශ්වාස,සුන්නාහ්
ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී. ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් කිහිපයක් (1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම   මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු...